කිතුල්ගල, සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකි. එක් පසෙකින් නුවරඑලිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර කඳු පන්ති වලින් වටවී ඇත. කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහායි. එමෙන්ම කැළණි ගඟ ගලා යන්නේද කිතුල්ගල හරහායි.

කිතුල්ගල
கித்துள்கலை
Kitulgala
කැළණි ගඟ
කිතුල්ගල கித்துள்கலை Kitulgala is located in Sri Lanka
කිතුල්ගල கித்துள்கலை Kitulgala
කිතුල්ගල
கித்துள்கலை
Kitulgala
කිතුල්ගල පිහිටීම ශ්‍රී ලංකාව තුල
ඛණ්ඩාංක: 6°59′50″N 80°24′40″E / 6.99722°N 80.41111°E / 6.99722; 80.41111ඛණ්ඩාංක: 6°59′50″N 80°24′40″E / 6.99722°N 80.41111°E / 6.99722; 80.41111
රටශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රිකයකෑගල්ල දිස්ත්‍රිකය
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

සංචාරක කර්මාන්තයටද සම්භන්ද කිතුල්ගල වඩාත් ජනප්‍රිය වන්නේ සැඩ දියෙහි ඔරු පැදීම නිසායි. කිතුල්ගල ගැන සදහන් කිරිමේදි තවත් විශේෂ කරුනක් ඇත. එනම් මාකන්දාව රක්ෂිතය නම් ප්‍රදේශයයි. බංඩාර කැලය නමින්ද හදුන්වන මෙම ප්‍රදේශය තුල විවිද ආවේනික මෙන්ම සංචාරක පක්ෂීන්ද දැකගත හැකී. බෙලිලෙන නම් ආදි මානවයා විසූ ස්ථානය පිහිටා ඇත්තේද කිතුලගල වන අතර වසර 16000කට කාල නිර්ණය කළ හැකි පුරා විද්‍යා වටිනාකමක් ඇති ප්‍රෙදේශයකි.

ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය. [1][2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "The Bridge on the River Kwai (1957)|කැළණි ගඟේ පාලම…[සිංහල උපසිරැසි සමඟ], බයිස්කෝප් සිංහලෙන්".
  2. "කැලණි ගං මිටියාවතේ ඉදි වූ තායිලන්තයේ 'ක්වායි' පාලම,සිළුමිණ පුවත්පත".
"https://si.wikipedia.org/w/index.php?title=කිතුල්ගල&oldid=530439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි