ප්‍රාග් ඓතිහාසික යුගය සංස්කරණය

මීට අවුරුදු 30000 පෙර අතීතයේ අඳින ලද ගුහා චිත්‍ර ප්‍රංශය, අප්‍රිකාව , හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සොයා ගෙන ඇත. මෙම චිත්‍ර තුළින් එකල පැවති ශාන්තිකර්ම , වත්පිළිවෙත් , බහු ශිල්පය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. මෙම ගුහා චිත්‍රවල පැවැත්ම තුළින් ඔවුන් ඒ සඳහා දැක් වූ කැමැත්තත්, දක්ෂතාවයත් මැනවින් පිළිබිඹු කෙරේ. නමුත් මෙහි ප්‍රාණවත් බව පවත්වා ගැනීම සඳහා ඔවුන් දැරූ දුෂ්කර ක්‍රියා කලාපයන් පිළිබඳ තොරතුරු සඳහන් නොවේ. එමෙන්ම මේවා තුළින් මිනිසුන් තම විවේකී කාලය ගත කළ ආකාරය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. එමෙන්ම මොවුන් විසින් කරන ලද විවිධ ක්‍රියාකාරකම් හා ශාන්තිකර්ම පිළිබඳ ඉතා හොඳින් හා පැහැදිලිව මෙ‍ම ගුහා චිත්‍ර තුළින් පෙන්නුම් කෙ‍රේ. එම නිසා මෙම මූලාශ්‍ර තුළින් එකල පැවති ක්‍රීඩා පිළිබඳ සෘජු සාක්ෂි යාන්තමින් සොයා ගෙන ඇත. ඒ තුළින් මේ කාලයේ පවතින ඊට සමාන ක්‍රීඩාවල සමහර ක්‍රියාකාරකම් සාධාරණ ලෙස තක්සේරු කොට තිබේ.

හවායන් දූපත් වලට ගිය ප්‍රථම බටහිර අමුත්තා ලෙස සඳහන් වන්නේ කැප්ටන් කුක්ය. ඒ 1778 දීය ඔහු එහිදී එම දූපත් වාසීන්ගේ, ජලය මත ලිස්සා යාමේ ක්‍රීඩාව ගැන සඳහන් කර ඇත.යුරෝපා ජාතිකයින් පැමිණීමට පෙර මෙම දූපත් වාසීන් ලක්‍රොස් වර්ගයේ පන්දු තරඟ , දිවීමේ තරඟ හ‍ා තවත් ශාරීරික ව්‍යායාම ඇති කරන ක්‍රීඩා වල යෙදීඇත. ඉතා පැරණි මයාන් හා ඇස්ටෙක් ශිෂ්ටාචාරිකයන් ක්‍රීඩා සංවිධාන කිරීම් , පන්දු තරඟ පැවැත්වීම කර ඇත. එකල පැවති සමහරක් ක්‍රීඩාංගන අද වෙන තුරුත් නොවෙනස්ව පවතී.මේවා සහ අනිකුත් ඓතිහාසික ප්‍රභවයන් අනුව සැලකීමේ දී ක්‍රීඩාවේ ආරම්භය ලෝක ව්‍යාප්ත මානව වර්ගයාගේ ආරම්භයත් සමඟම ඇතිවී ඇති බව උපකල්පනය කිරීම සාධාරණය.

කාන්තා ක්‍රීඩා ඉතිහාසය සංස්කරණය

අතීතයේදී කාන්තා ක්‍රීඩා තරඟ බොහෝ සමාජයන් විසින් උදහසට ලක් කෙරිණි. 19 වන 20 වන ශත වර්ෂවලදී ඉංශ්‍රීසි පොදු පාසල් පසුබිම හරහා දියත් කෙරුණු පිතෘමුලික සමාජයෙන් කාන්තා ක්‍රීඩා බොහෝ සේ අධෛර්ය කෙරිණි. උදා : 1896 පැවති ඔලිම්‍පික් තරගවලදී කාන්තා සහභාගීත්වයෙන් නිළ වශයෙන් සිදු නොවුණි.

නමුත් 20 වන ශතවර්ෂයේදී කාන්තා සහභාගිත්වයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වුවද ක්‍රීඩා ලෝලීන් හෝ මලල ක්‍රීඩාවන් සදහා සහභාගිත්වය පිරිමි සහභාගිත්වයට වඩා සාමාන්‍යයෙන් අඩු විය. පිහිනුම්‍හා ව්‍යායාම්‍ක්‍රීඩා ( දිගාදුම්‍ක්‍රීඩා) සදහා වැඩි නැඹුරුවක් පැවතුන අතර පිරිමි තරඟ සැසදී‍ෙම්‍දී ඒවායේ තරගකාරිත්වය අඩු විය.

1972 සම්‍මත වු Title ix පනතට අනුව කාන්තා අයිතිවාසිකම්‍රැකෙන පරිදි කාන්තා සහභාගිත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය කරන ලදී. මෙහිලා ප්‍රධාන කාර්යය වුයේ ලිංග භේදය තුරන් කර සැමට සමාන අයිතිවාසිකම්‍ලබා දීමයි.

ක්‍රීඩා අරමුදල් සපයන ආයතනද මෙම ලිංග භේදයේ එතෙක් පැවති තත්වය වෙනස් කළෝය. විශේෂයෙන්ම 1787 පිහිටවු Marylebone Cricket Club ( Mcc) හා Leander Rawing Club 1818 පිහිට වු 20 වන ශතවර්ෂය අග වන විට සිය දොරටු කාන්තාවන් සදහා විවෘත කෙරිණි. එසේ විවෘත කෙරුණේ එක්සත් රාජධානියේ ලොතරැයි ක්‍රීඩා අරමුදලේ අවශ්‍යතාවය අනුවයි. (United Kingdom Lottery Sports Fund)

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_ඉතිහාසය&oldid=378406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි