ක්‍රීඩාවේදී ඇතිවන තුවාල

ක්‍රීඩා තුවාල යනු ක්‍රීඩාවලට සහභාගී වීමේදි ඇති වන තුවාලය. බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි තුවාල ඇතිවන්නේ කිසියම් ක්‍රීඩාවක යෙදෙද්දි ශරීරයේ කිසියම් අවයවයක් හෝ කොටසක් වැඩිපුර පාවිච්චි කිරීමේ හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ධාවකයෙකු, ධාවනයෙහි යෙදෙද්දී ඇති වන දණ හිස් වේදනාව ද ටෙනිස් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමේදි නැවත නැවතත් වැලමිටට ඇති වන පීඩාවද පෙන්වා දිය හැක. වෙනත් ආකාරයේ තුවාල යමක් මත තදින් ගැටීමේදි ඇති විය හැක. මෙහිදි අස්ථියක් බිඳීම හෝ අස්ථි බන්ධනයක් ඉරීයාම බොහෝ විට සිදු වේ.

වෘත්තියමය ක්‍රීඩාවන්හීදි තුවාල ඇති වීම සාමාන්‍ය දෙයකි. බොහෝ ක්‍රීඩා කණ්ඩායම් වලට ක්‍රීඩා පුහුණු කරුවන් සිටින අතර වෛද්‍යවරු සමග සමීප සබඳතාවක්ද පවතී. කෙටි කාලීනව ලබා ගන්නා විජයග්‍රහණයන් උදෙසා ක්‍රීඩකයෙකුගේ දිගු කාලීන සෞඛ්‍ය තත්වය තර්ජනයට ලක් වන වන පරිද්දෙන් ක්‍රීඩා කණ්ඩායම් ගන්නා තීරණ සමහර විට වාද විවාද වලට භාජනය වේ.

ක්‍රීඩාවලදී සිදුවන ආබාධ සහ ප්‍රතිකාර සංස්කරණය

ක්‍රීඩාවලදී සිදුවන ආබාධ ප්‍රධාන වශයෙන් ශාරීරික ආබාධ හෝ උද්වේගකාරී බව නිසා ඇති වන ආබාධ ලෙස දැක්විය හැකිය.

ශාරීරික ආබාධ නිතර ඇතිවන්නේ පාපන්දු ක්‍රීඩාව ආශ්‍රීතවය. එයට හේතුව එම ක්‍රීඩාව තුළ දක්නට ලැබෙන ගැටීම්‍ස්වරූපය නිසාවෙනි. මෙහිදී සිදුවන ආබාධයන් සුළු සීරීම්‍තුවාල සිට හිසට සිදුවන දරුණු ආබාධ දක්වා පුළුල් ‍ෙව්‍.

සුළු සීරීම්‍ආබාධයකදී පටක අතර සුළු ලේ ගැලීමක් සිදුවන මාංශ පේෂීන්ගේ පෙරළීමකදී ඇට හාවී තිබෙන බැමි පටකයන්හි ඉරීමක් සිදු විය හැකිය. මුල් අවධියේදී මෙම ආබාධ සඳහා ශරීරය දක්වා ප්‍රතිචාර ක්ෂණික වන අතර පසුව එම තත්වය දරුණු ඉදිමුන් සහිත ‍ෙව්‍දනාකාරී තත්වයක් බවට පත් ‍ෙව්‍.

සියළු ශාරීරික ආබාධ සෛල හා පටකවලට හානිදායක අතර මැරුණු සෛල මගින් නිකුත් කරන රසායනික සංයෝග නිසා අධික ‍ෙව්‍දනාකාරී තත්වයක් හටගනී. එසේම කුඩා ලේ වහනය හානි වී විවෘත වීමෙන් පටක අතර ලේ වහනයකට හේතු ‍ෙව්‍. ස්වභාවයෙන්ම නිපදවන ලබන ලේ කැටිගැසී‍ෙම්‍ ක්‍රියාවලිය නිසා ‍ෙව්‍දනාව සමනය වන අතර ශරීරය නිල් පැහැ පැල්ලම්‍ගැසීමක් ද සිදු ‍ෙව්‍.

‍ෙව්‍දනාව සමනය වී‍ෙම් මුල් අවධිය වන්නේ වේදනාකාරී හා දැවිලිමය ස්වරූපයයි. මුල් අවධියේ ඇති වන මෙම අධික ‍ෙව්‍දනාකාරී තත්වය ‍ෙව්‍දනාව සමනය කිරී‍ෙම් ක්‍රියාවලිය පමා කරනු ලබයි. මෙම ‍‍ෙව්‍දනාකාරී තත්වය මග හැරිය හැකි නම්‍ක්‍රීඩා ආබාධවල ප්‍රතිකාර ‍ෙව්‍ගවත් කිරීමට හැකියාව ඇත.

මෙම පීඩාකාරී ‍ෙව්‍දනකාරී තත්වය ඉදිමීම දැවිලි සහිත බව, රත්පැහැ ගැන්වීම හා අක්‍රීය බව යන විවිධාකාරයට මතුවෙයි. මෙම තත්වය දින පහක් වැනි කාලයක් පවතින අතර වැඩි ප්‍රතිකාර දෙවනුව තීරණය කරනු ලබයි.

මෙම දෙනු ලබන ප්‍රතිකාර අනුව පහත සඳහන් ලෙස වර්ගීකරණය කළ හැකිය.

R – Rest - විවේකය I – Ice - අයිස් C – Compression – සම්පීඩනය (මිරිකීම) E – Elevation - උස් කිරීම R – Referral - යොමුකරවීම

T – Talk - කථනය O – Observe - නිරීක්ෂණය T – Touch - ස්පර්ෂය A – Active movement - ක්‍රියාකාරී චලනයන් P – passive movement - අක්‍රීය චලනයන් S – Skills test - කුසලතා පරීක්ෂණ

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Sports_injury