ක්‍රිස්තියානි සංගීතය

ආගමික කටයුතු සඳහා යොදා ගන්නා සංගීතය

ක්‍රිස්තියානි සංගීතය යනු පුද්ගලයෙකු හෝ යම් පිරිසක් සතු ක්‍රිස්තියානි ධර්මයට අනුකූල ජීවන ක්‍රමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් කිරීම සඳහා ලියන ලද සංගීත කොටස් වේ. (මෙය ඇතැම්විට ප්‍රසංශනාත්මක නැතහොත් වන්දනීය සංගීතය ලෙස හැඳින්වෙන අතර ඇතැම් විට දිව්‍යමය සංගීතය ලෙසද හැඳින්වේ. ) මෙය පොදු අනාගමික සංගීතයට විකල්පයක් ලෙස ද භාවිතා වේ.

සංගීතය අනෙක් සියළු කොටස් මෙන්ම ක්‍රිස්තියානි සංගීතයද සංස්කෘතිය සහ සමාජ වටපිටාව අනුව නිර්මාණය , ඉදිරිපත් කිරිම් , වැදගත්කම සහ අරුත ආදී ක්ෂේත්‍ර ඔස්සේ විවිධ වෙනස්කම් පෙන්වයි. වෙළඳ කටයුතු සඳහා යොදාගත හැකි විනෝදාත්මක නිර්මාණයක් ලෙස , ආගමික හෝ වෙනත් උත්සව අරභයා නැතහොත් සෞන්දර්යාත්මක වින්දනය සඳහා ආදී ලෙස විවිධ හේතු මුල් කොටගෙන ක්‍රිස්තියානි සංගීත නිර්මාණයන් එළි දැක්වේ. කෙසේ නමුත් බොහෝ විට දෙවියන් සහ / හෝ ක්‍රිස්තුස් වහන්සේ වන්දනාමාන කිරීම සහ පැසසීම ක්‍රස්තියානි සංගීතයේ පොදු මාතෘකාවක් වේ.

ක්‍රිස්තියානි සංගීතය - ප්‍රභේද සහ උප ‍ප්‍රභේද සංස්කරණය

ක්‍රිස්තියානි සංගීතය ප්‍රභේද සහ උප ප්‍රභේද කිහිපයකට වෙන් කල හැක. නමුත් බොහෝ විට ඒවා අතර බෙදීම සහ සම්බන්ධතාවයන් සියුම් ආකාරයක් ගනී. ඇතැම් විට මෙය පුද්ගලික අර්ථ දැක්වීම් අනුව වෙනස් වන අතර ඇතැම් විට විවාදයට ‍ද හේතු වේ. අනෙකුත් සංගීත ආකාර මෙන්ම මෙම ප්‍රභේදයන් ද ක්‍රමවේදය, විලාසිතාව, අන්තර්ගතය, මාතෘකාව සහ භූ‍ගෝලීය මූලාරම්භය අනුව වෙන්කර හඳුනාගත හැක. අතීතයේ පටන් පවතින කාණ්ඩ සහ ප්‍රභේද අතරට භක්ති ගීත, පල්ලියේ ගීතිකා, ස්තෝත්ර ගීතිකා, කාණ්ඩ යුගලක් භාවිතයෙන් ගායනා කරන ගීත, නූතන ක්‍රිස්තියානි සංගීතය, දක්ෂිණ ශුභාරංචිය සහ නූතන නාගරික ශුභාරංචිය අයත් වේ. ක්‍රිස්තියානි සංගීතයේ නිශ්චිත උප ප්‍රභේද අතරට Progressive Southern Gospel, ක්‍රිස්තියානි ගැමි සංගීතය, ක්‍රිස්තියානි පොප් සංගීතය, ක්‍රිස්තියානි රොක් සංගීතය, ක්‍රිස්තියානි Metal සංගීතය (Christian Metalcore සංගීතය ද ඇතුලුව), ක්‍රිස්තියානි පන්ක් සංගීතය, ක්‍රිස්තියානි Alternative රොක් සංගීතය, ක්‍රිස්තියානි හිප්හොප් සංගීතය (ක්‍රිස්තියානි රැප් සංගීතය ද ඇතුළුව) , Jubilee Quartet සහ පුජා ගීතිකා සංගීතය අයත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්තියානි_සංගීතය&oldid=470271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි