කලා සහ අත්කම් ව්‍යාපාරය

කලා සහ අත්කම් ව්‍යාපාරය 19 වැනි සියවසේ අවසන් වසර කිහිපය සහ 20 වැනි සියවසේ මුල් කාලය තුළ බිහිවූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සෞන්දර්යවාදී ව්‍යාපාරයකි. ජෝන් රස්කින්ගේ ලිවීම් තුළ අන්තර්ගත වූ රෝමාන්තික පරිමාදර්ශීකරණයෙන් ප්‍රබෝධයට පත්වූ ශිල්පීහු සිය පුද්ගලික අත්කම් සම්බන්ධයෙන් අභිමානයට පත්ව මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එහි උච්චතම කාලය 1880 සිට 1910 දක්වා විය.

එහි බලපෑම බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනණු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන්, සැන්ඩර්සන් වෝල්ටර් කේන්, නෙල්සන් ඩෝසන්, ෆීබි ඇනා ට්‍රැක්වියර්, හර්බට් ටියුඩර්, බක්ලෑන්ඞ් චාල්ස්, රෙනේ මැකින්ටොෂ්, ක්‍රිස්ටෝපර් ඩ්‍රෝසර්, අර්නස්ට් ජිම්සන්, එඞ්වඞ් ෂ්රූඩර් පියර්, ෆ්‍රෑන්ක් ලොයිඞ් වේට්, ගුස්ටාව් ස්ටික්ලි, චාල්ස් වෝසෙ, ක්‍රිස්ටෝපර් වෝහෝල් ආදීන් විය. එක්සත් ජනපදය ඇමරිකානු අත්කම් හෝ අත්කම් ශෛලිය හෝ යනුවෙන් යොදාගන්නා විට බොහෝවිට අදහස් කෙරුණේ ආට් නුවෝ ආධිපත්‍ය දැරූ කාළ පරිච්ඡේදය සහ ආට් ඩෙකෝ ප්‍රබලව පැවති කාල පරිච්ඡේදය අතර කාලයේ පැවැති ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය සහ සැරසිලි කලාවයි. මෙම කාලය දළ වශයෙන් 1910 සිට 1925 දක්වා විය.

සිතුවම් කලාව සංස්කරණය

 
කළලය පිළිබඳ ලියනාඩෝ ඩා වින්සිගේ අධ්‍යනයක් (1510 - 1513), රතු රටහුණු මත පෑනෙන් ඇඳ ඇත, 12 × 8” (සෙ. මී. 30 5 × 20),රාජකීය පුස්තකාලය, වින්ඞ්සර් මාලිගය.

කලාව තුළ කටු සටහනක් හෝ සිතුවමක් ඇඳීම වැනි අවසානාත්මක කෘතියක් නිර්මාණය කිරීමේ පෙරහුරුවක් ලෙස හෝ දෘෂ්‍ය සටහනක් තබාගැනීම ලෙස අධ්‍යනයක් ලෙසින් හැඳින්වේ. විචිත්‍රවත් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද කෘතියකට වඩා අධ්‍යනයක් විසින් නිර්මාණකරුවා වෙත බලපෑමක් සිදු කරයි. ඒ චිත්‍ර ශිල්පියා සිය විෂය වස්තුව ගවේෂණය කිරීමේදී අරමුණු වන නව තීක්‍ෂණ සිතීම් එයට අන්තර්ගත වන බැවිනි. එතුළින් හමුවන නව දෘෂ්ටිය විසින් නර්මාණයට නව ජීවයක් එක්කරනු ලබයි. දෘෂ්‍ය රූපයන්ට අදාළව ලියනු ලබන සටහන් වලින් සිත්තරා විෂය වස්තුව පිළිබඳ ඥාණනය ලද ආකාරය හෙළිකරන බැවින් ඒවා මඟින් කෘතියේ වටිනාකම වැඩි කරයි. අවාසනාවකට මෙන් අධ්‍යයනයන් සඳහා යොදාගනු ලබන කඩදාසි බොහෝදුරට කල්පැවැත්මෙන් තොර ඒවා වෙයි.

20 වැනි සියවසේ සංකල්පීය චිත්‍ර කලාවේ ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අධ්‍යයනයන් හේතුවිය. මෙහිදී නිර්මාණාත්මක ක්‍රියාවලියම කලා කෘතියේ විෂය වස්තුව බවට පත්විය. අධ්‍යයනයේදී වැඩි වැදගත්කමක් මෙම ක්‍රියාවලිය කෙරෙහි යොමුවන බැවින් නරඹන්නාට කලාකෘතියක් ලෙස භෞතික යමක් ඉතිරි නොවේ.

අධ්‍යයනයන් ඉතාලියානු පුනරුද යුගය දක්වා දිවයයි. කලා ඉතිහාසඥයෝ මයිකල් ආන්ජලෝගේ අධ්‍යනයන් සමහරක් සංරක්‍ෂණය කොට ඇත. මෙයින් එක් අධ්‍යයනයක් සිස්ටීන් දේවස්ථානයේ සීලිමේ ඉතිරිව පවතී. අධ්‍යයනයේ පදනම ලෙස පිරිමි නිරූපකයකු යොදාගනු ලැබ තිබුණද අවසාන කෘතියේ චිත්‍රණය කර තිබුණේ කාන්තා රුවකි. මෙවැනි අධ්‍යනයන් තුළින් විශිෂ්ට සිත්තරුන් සිය නිර්මාණය ක්‍රමක්ක්‍රමයෙන් ගොඩනංවා ඇති ආකාරය පිළිබඳව අදහසක් ලබාගත හැකිවෙයි.

කලා කෘති සංස්කරණය

 
මල් මෝස්තරයක් සහිත චීන හරිතමණී සැරසිල්ලක්, ජින් රාජවංශය (1115-1234), ෂැංහායි කෞතුකාගාරය

ලලිත කලාව තුළ කලා කෘතියක් යනු හුදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකිරීම සඳහා නොව එය තුළම වන සුන්දරත්වයක් හෝ සංකේතිය ප්‍රකාශනයක් අර්ථයක් සහිතව නිර්මාණය කරනු ලැබූ ගීතයක්, පොතක්, චිත්‍රපටයක්, වීඩියෝ ක්‍රීඩාවක්, මුද්‍රණයක්, මූර්තියක් හෝ සිතුවමකි.

නූතනවාදයෙන් පසු ලලිත කලා ක්ෂේත්‍රය ඡායාරූප ශිල්පය, චිත්‍රපට, ප්‍රසාංගික කලාව, සංකල්පීය කලාව, සහ වීඩියෝ කලාව යනාදිය අන්තර්ග්‍රහනය කරගනිමින් ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. කලාව යනු කුමක්ද යන්න සංස්කෘතිය අනුව මෙන්ම එක් එක් යුගය අනුවද වෙනස්වන්නකි. උදාහරණයක් ලෙස 1970 ගණන් වනතුරු කලා කවයන් සහ සාමාන්‍ය ජනයා ව්‍යවහාරික කලාව කලාකෘතීන් ලෙස නොසලකන ලදී.

යමක් කලා කෘතියක් ලෙස සැලකීමට නම් එහි කලාත්මක ගුණය සහ සාහිත්‍යාත්මක ගුණය අන්තර්ගත වියයුතු යැයි සලකනු ලැබේ.

සමකාලීන කලාවේ නියැලෙන්නෝ ඩී.වී.ඩී , වෙබ් පිටු සහ අනෙකුත් අනෙකුත් මාධ්‍යයන් විෂය වස්තූන් ලෙස සලකනු ලැබේ.


අත්කම් සංස්කරණය

 
වීදි අත්කම් නිර්මාණ ශිල්පීන්

ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක.

අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස්ව පාරම්පරිකව පවතින අත්කම් සම්ප‍්‍රදායන් ගැමි කලා ශිල්පයන් ලෙස හැදින්වේ

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Crafts