ඓතිහාසික භූගෝලීය විද්‍යාව

ඓතිහාසික භූගෝල විද්‍යාව යනු මානුෂීය භෞතික පරිකල්පිත න්‍යායාත්මක හා සත්‍ය භූ ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීමයි. ඓතිහාසික භූගෝලීය විද්‍යාව නිසා විශාල විවිධත්වයකින් යුත් ගැ‍ටළු හා මාතෘකා අධ්‍යයනය කරනු ලබයි. කලාපයක් හා ස්ථානයක් කාලයත් සමග වෙනස් වන ආකාරය හා අතීතයේ වු භූ විද්‍යාවන් අධ්‍යයනය කිරීම පොදු තේමාවක් වේ. සංස්කෘතික භූ දර්ශන ගොඩ නැගීම හා පුද්ගලයෙකු තමන්ගේ පරිසර සමග ඇති අන්තර් ක්‍රියාකාරීත්වය ද ඇතුළත්ව බොහෝ ඓතිහාසික භූ විද්‍යාඥයන් කාලයත් සමග භූ විද්‍යාත්මක රටා අධ්‍යයනය කරනු ලබයි.

දේශීය වටපිටාව හා පරිසරය සමග පුද්ගලයන්ගේ අන්තර් ක්‍රියා තේරුම් ගනිමින් විවිධ සමාජ වල සංස්කෘතික ලක්ෂණ ග්‍රහලෝකයන්හි ඇති වී ඇති හා පරිනාමනය වී ඇති ආකාරය කෙසේ ද යන්න තීරණය කිරීම ඓතිහාසික භූගෝල විද්‍යාව මගින් සොයා බලයි.

එක්සත් ජනපදයේ ඇතමෙකුට ඓතිහාසික භූ ගෝල විද්‍යාව යන පදයෙහි ඉතා විශේෂිකරණය වු අර්ථයක් ඇත. 20 වන ශත වර්ෂයේ පළමු දශකයේ කැලිෆෝනියා සරසවියේ කාල්ඔට්විල් සෝඅර් ආරම්භ කරන ලද කලාපිය රේඛා ඔස්සේ ප්‍රතිසංවිධානය කරන සංස්කෘතික භූගෝලීය විද්‍යා වැඩ සටහන (ඇතැමෙක් සමස්ථ භූගෝලීය විද්‍යාව ලෙසද හදුන්වයි) සදහා දෙන ලද නම වන්නේ (Berkeley) බර්කලීය සෝඅ(ර්) භූ දර්ශන හා ඒවා මත වන සංස්කෘතීන් හදුනාගත හැකි වුයේ පාරිසරික දේශපාලනික ආර්ථික විද්‍යා සංස්කෘතික හා භෞතික යන සෑම දෙයහිම ඉතිහාසය මගින් ඇති වු බලපෑම සලකා බැලීමෙන් පසු පමණි. ලෝකයේ කලාපයන් පිළිබද ප්‍රමාණවත් තරම් විශේෂඥතාවක් ලබා ගැනීම සදහා ඇති එකම ක්‍රමය වන්නේ කලාපීය විශේෂිය කරනය බව ‍ සෝඅ(ර්) විසින් අවධාරනය කරන ලදී.

20 වන සියවසේ මැද කාලයේදී ඇමරිකානු භූගෝල විද්‍යා සංකල්පය සදහා බලපෑ මුලික සංකල්පය වුයේ සෝඅ(ර්) ගේ දර්ශනයයි. මේ දින වල කලාපීය විශේෂඥයින් ශාස්ත්‍රිය භූ ගෝල විද්‍යා දෙපාර්තුමේන්තු වල රැදෙයි. නමුත් ඇතැම් භූ ගෝල විද්‍යඥයින් එය පුහුණුවට බාධාවක් ලෙස සලකයි. මෙහිදී දත්ත එකතු කිරීම හා වර්ග කිරීමට මහත් පරිශ්‍රමයක් දරන අතර දත්ත විශ්ලේෂණයට හා විස්තර කිරීම සදහා අඩු අවධානයක් යොමු කරයි. පසු කාලීනව භූ ගෝල විද්‍යඥයින් තමන්ටම විශේෂිත වු තත්වයක් ඇති කර ගැනිමට අරගල කිරීම හේතුවෙන් අධ්‍යයනයන් වඩ වඩාත් නිෂ්චිත ක්ෂේත්‍රයකට විශේෂිත වන තත්ත්වයකට පත්වේ. එක්සත් ජනපදයේ ශාස්ත්‍රිය පුහුණුවක් ලෙස දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් දරුණු ගැටළු ඇති කළ මෙම කරුණු පිලිවෙලින් 1950 දී භූ ගෝල විද්‍යාවේ අර්බුද සදහා හේතු විය .

මානුෂීය භූගෝල විද්‍යාවේ මෙම අනුශාඛාව ඉතිහාසය හා පාරිසරික ඉතිහාසය හා සමීපව සම්බන්ධ වේ.