එළිපෙහෙළි කිරීම, හෝ කපා ඉවත් කිරීම හෝ යනු, යම් පෙදෙසක ගස් සියල්ල හෝ බහුතරයක් හෝ ඒකාකාර ලෙසින් කපා දැමීමේ ක්‍රියාවලියකට ලක් කිරීමේ මතභේදකාරී වන විද්‍යාත්මක/ගස් කපා හෙලීමේ ක්‍රියාවලියයි. මෙහි දී එළිපෙහෙළි කිරීම සඳහා කුඩාම ප්‍රදේශය තෝරා ගැනීමට එකඟතා ලියවිල්ලක් නොමැති නමුත් සාමාන්‍යයෙන් අක්කර 50 වඩා කුඩා ප්‍රදේශ සමහර අවස්ථාවලදී “එළිපෙහෙළි කිරීම ප්‍රදේශය” ලෙස නම් කර ඇත. අනෙකුත් ප්‍රයෝජන සඳහා හරවාගත් එළිපෙහෙළි කිරීම, වන ආරක්ෂක නිලධාරීන් මඟින් හඳුන්වනු ලබන්නේ “හැරවුම් භූමිය” ලෙසය.

දකුණුදිග ෆින්ලන්තයේ එළිපෙහෙළි කල වනයක්

එළිපෙහෙළි කිරීමවලට ඇතුළත් වන්නේ

  • Silvi වාගවේ එළිපෙහෙළි කිරීම, එනම් සෑම කඳක්ම ඉවත් කිරීමයි. මෙහි දී මතුපිට රෝපණයක් නොමැතිව වනය ප්‍රතිස්ථාපනය වේ.
  • වාණිජමය එළිපෙහෙළි කිරීම (හෝ උසස් තේරීම්) එනම් අනෙකුත් ශාක ඉතුරු කර වාණිජමය වටිනාකමක් ඇති ශාක පමණක් ඉවත් කිරීමයි.

වන සංවර්ධන විද්‍යාව බිහි වීමට පෙර එළිපෙහෙළි කිරීම ක්‍රියාවට නංවා ඇතතේ, කැපීම් සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක් ලෙසටය. මෙහිදී කපන ලද ප්‍රදේශ වෙනුවෙන් ප්‍රතිස්ථාපනයක් සිදු නොකර ඇති අතර, එය අනෙකුත් ප්‍රයෝජන සඳහා ගෙන ඇත. එසේත් නැති නම් ස්වාභාවිකවම ප්‍රතිස්ථාපනය වීම සඳහා ඉඩ හැර ඇත. ලෝකයේ නැවත වගා කිරීමක් සිදු නොකළ එළිපෙහෙළි කිරීම අත්හදා බලා තිබෙන්නේ, බොහෝ දුරට වටිනාකමක් සහිත ශාක පිහිටි වනාන්තරවලයි. උදාහරණ ලෙස පැරණි වනාන්තරවලයි. වන සංවර්ධන විද්‍යාවේ දී එළිපෙහෙළි කිරීම මඟින්, එක් කාලයකට පමණක් අධික ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය කරන විශේෂ, ප්‍රතිස්ථාපනය කිරීමට පුළුවන. Silvi වගාවේ සිදු කරන එළිපෙහෙළි කිරීමවල දී වාණිජමය වන ආරක්ෂක නිලධාරීන්ගේ අවශ්‍යතාවයට අනුව ආලෝක හා පාංශු සාධක ලබා ගැනිම සඳහා වාණිජමය වටිනාකමක් නොමැති ශාක ද ඇතුළත්ව බොහෝ දුරට සියළුම ශාක ඉවත් කරනු ලබයි. අක්‍රමිකව සැලසුම් කරන එළිපෙහෙළි කිරීම මඟින් ඇති වන අයහපත් බලපෑම්, ප්‍රතිස්ථාපනය සැලසුම් නොකර සිදු කරන එළිපෙහෙළි කිරීම නිසා ඇතිවන අයහපත් බලපෑම්වලට සමානය. උදාහරණයක් ලෙස, ඇල භූමිවල සිදු කරන එළිපෙහෙළි කිරීම නිසා වැඩි වේග‍යකින් ඛාදනය වීම සිදු විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=එළිපෙහෙළි_කිරීම&oldid=250078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි