එම් කේ 8 සැහැල්ලු යුධ රථය

එම් කේ 8 සැහැල්ලු යුධ ටැංකිය (ඒ25) ජනාධිපති රූස්වෙල්ට්ගේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික උපදේශක​ හැරී හොප්කින්ස් නමින් ද හඳුන්වනවා. මෙය දෙවන ලෝක යුද්ධ සමයේදී විකර්ස් ආර්ම්ස්ට්‍රෝන්ග්[1] විසින් නිපදවන ලද බ්‍රිතාන්‍ය සැහැල්ලු යුධ ටැංකියකි. සමාගම විසින් බ්‍රිතාන්‍ය හමුදාව සඳහා නිපදවන ලද සැහල්ලු යුධ ටැංකි පරම්පරාවේ නවතම පුරුක වූ එම්. කේ. අට හි අදහස වූයේ වයිකර්ස් ආම්ස්ට්‍රෝන්ග් විසින් නිපදවන ලද එම්.කේ. හත ටෙට්‍රැච්[2] සැහැල්ලු යුධ ටැංකියේ අනුපාප්ත්‍රිකය වීමයි. එම්.කේ. අට හි වෙනස් කම් ගණනාවක් කර තිබුණි. එයින් වඩාත් කැපී පෙනෙනුයේ දිග​, පළල සහ බර වැඩි කිරීම මෙන්ම සන්නාහයේ ඝනකම වැඩි කිරීමයි. යුධ ටැංකියේ සැලැස්ම 1941 වර් ෂ යේ අග භාගය වන විට යුධ කාර්යාලය වෙත ඉදිරිපත් කෙරුණි, යුධ කාර්යාලයේ යුධ ටැංකි මණ්ඩලය විසින් එම මාසයේදීම ආරම්භක ඇණවුම් 1000ක් සිදු කළ අතර නොවැම්බර් මස වන විට එම සංඛයාව 2410 දක්වා වැඩි විය​. 1942 ජූනි මස නිශ්පාදනය ආරම්භ කළ නමුත් යුධ ටැංකියෙහි සැනෙකින් ඇතිවූ ගැටළු සහ යුධ කාර්යාලය සහ යුධ රථ නුහැසුම්(Proving) ආයතනයේ චෝදනා හේතුවෙන් සැලසුමෙහි වෙනස්කම් ගණනාවක් සිදු කරන්නට විය​. මෙම ගැටළු කෙතරම් උග්‍ර වීද යත් 1943 මැද භාගය වනවිට ටැංකි 6ක් සහ නිශ්පාදනය අවසන් වූ 1945 පෙබරවාරි මස වන විට නිපදවීමට හැකි වූයේ යුධ ටැංකි 100ක් පමණි.

එම් කේ අට සැහැල්ලු යුධ ටැංකිය​

1941 මැද භාගය වන විට යුධ කාර්යාලයේ නිලධාරීන් සහ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සැහැල්ලු යුධ ටැංකි තවදුරටත් බ්‍රිතාන්‍ය හමුදාව විසින් භාවිතා නොකළ යුතු බවට තීරණය කරන ලදී. එයට හේතු වූයේ සැහැල්ලු යුධ ටැංකි වල බාල ආයුධ සහ සන්නාහ මෙන්ම ගැටුම් වලදී දක්වන දුර්වල ක්‍රියාකාරීත්වයයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම්.කේ. අට ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවන විට යල්පැනීමට ලක්වූ අතර එකඳු ටැංකියකට හෝ යුධ පෙරමුණට යාමට නොහැකි විය​. මෙම තීරණය හේතුවෙන් සමන්විත කිරීම් පිරික්සුම් ඒකක ඇතුලත් කිරීම හෝ අසාර්ථක අදහසක් වූ වාසර හමුදාවන්ට සහය පිණිස විශාල ගුවන් යානා මගින් සැහැල්ලු ගුවන් යානයක් ලෙස ඇදගෙන යා හැකි පරිදි පියාපත් සවි කිරීම; පසුව​ එම යුධ ටැංකි ගුවන් ආරක්ෂාව පිණිස රාජකීය ගුවන් හමුදාව වෙත බාර දීම වැනි සැලසුම් ගණනාවක් යුධ කාර්යාලය විසින් සැහැල්ලු ටැංකියේ සැලසුම වෙත ඉදිරිපත් කෙරුණි. සමීප සහය සඳහා වාසර හමුදාවන් ගේ පාවිච්චිය පිණිස උස් කාලතුවක්කු වර්ගයක් වූ හොවිත්සර සවිකල ඇලෙක්ටෝ ස්වයං ප්‍රචාලක තුවක්කුව[3] නම් එම්. කේ. අට හි ප්‍රබේදනයක් නිර්මාණය වූ නමුදු එයින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් නිපදවුණු අතර එයින් එකක්වත් යුධ බිමේදී ප්‍රයෝජනයට නොගැණුනි.


විකාශන ඉතිහාසය​ සංස්කරණය

වයිකර්ස් ආම්ස්ට්‍රෝන්ග් විසින් බ්‍රිතාන්‍ය හමුදාව සඳහා නිපදවන ලද එම් කේ අට ටෙට්‍රැච් හි අනුප්‍රාප්තිකයා වීමට එම් කේ අට සැහැල්ලු යුධ ටැංකිය නිර්මාණය කෙරුණි. සමාගම අදහස් කරනු ලැබුවේ එම් කේ අට හි සැලසුම ටෙට්‍රැච් යුධ ටැංකියට වඩා ප්‍රධාන වශයෙන්ම සන්නාහ ආරක්ෂාව වැනි පැති ගණනාවකින් වැඩි දියුණු කිරීමයි. ඉදිරිපස බඳ සහ පිටුපස කොතෙහි ඝනකම මිලි මීටර් 38කට (අඟල් 15) වැඩි කිරීම​, පැති සන්නාහය මිලි මීටර් 17කට (අඟල් 6.67)ද සහ බඳ සහ කොතට ටෙට්‍රැච් යුධ ටැංකියට වඩා වඩාත් ඇල මතුපිටක් ලබා දීමෙන් ෂෙල් ප්‍රහාර වෙනතකට යැවීම මගින් ටෙට්‍රැච් යුධ ටැංකියට වඩා ඝනකම් සන්නාහයක් ලබාදී තිබුණි. එම් කේ අට හි දිග අඟල් 6 කින් (මීටර් 0.15), පළල අඩි 1 අඟල් 3 (මීටර් 0.38) සහ බර වැඩි කිරීම මගින් යුධ ටැංකියෙහි ප්‍රමාණය වැඩි කර තිබුණි. මෙම වෙනස් කිරීම් නිසා එය ජෙනරල් එයාර්ක්‍රාෆ්ට් හැමිල්කාර් යානය[4] මගින් ගෙනයාමට අපහසු තරම් බරපතල වීමත් සමඟ තවදුරටත් ගුවනේ ගෙන යාමට පහසු නොවීය​.

ටෙට්‍රැච් යුධ ටැංකියටද යොදා ගැණුනු සිලින්ඩර 12 එන්ජිම එම් කේ අට යුධ ටැංකියට සවි වුවද එහි වැඩි බර නිසාවෙන් උපරිම වේගය පැයට සැතපුම් 30 කට (පැ. කිමී. 40) අඩු විය​. යුධෝපකරණ ටෙට්‍රැච් යුධ ටැංකියේ ලෙසම විය​: එක් යාන්ත්‍රික තුවක්කුවක් සහ මිලි මීටර් 40 (අඟල් 1.6) පවුන්ඩර් 2 ප්‍රධාන තුවක්කුව​.එමෙන්ම ටෙට්‍රැච් සැලසුමෙහි තිබූ අසාමාන්‍ය සුසෑරවීම් පද්ධතිය ද භාවිතා කර තිබුණි; මෙම සුසෑරවීම් සහ යාන්ත්‍රික පද්ධතිය විසින් වංගු ගැනීම් කරනු ලැබුවේ දම්වැල් දුන්නක් සේ නැවෙන පරිදි පැති දම්වැල් මත​ රෝද ඇල කරවමිනි.රියදුරා විසින් සුක්කානම කරකවන විට ටැංකිය හැරවීම සඳහා රෝද දම්වැල් නැවීම සඳහා හැරවීම මෙන්ම ඇලවීම සිදු වුණි; මෙහි අදහස වූයේ සාම්ප්‍රදායික පද්ධති වලදී හැරවීම් සිදු කෙරූ එක් රෝද දම්වැලකට තිරිංග යෙදීමේදී සිදුවූ යාන්ත්‍රික විඩාව සහ ශක්ති නාස්තිය අවම කර ගැනීමයි. ටෙට්‍රැච් මෙන් නොව එම් කේ අට හි සුසෑරවීම් පද්ධතිය බල ආධාර සහිත විය​.

වයිකර්ස් ආම්ස්ට්‍රෝන්ග් යුධ ටැංකියේ සැලැස්ම 1941 සැප්තැම්බර් මස යුධ කාර්යාලයට ඉදිරිපත් කළ අතර එම මාසයේදීම යුධ කාර්යාලයේ යුධ ටැංකි මණ් ඩලය විසින් යුධ ටැංකි 1000ක් ඇණවුම් කළ අතර එය නොවැම් බර් මස වන විට 2410ක් දක්වා වැඩි විය​. මණ්ඩලයේ අපේක්ෂාව වූයේ වයිකර්ස් ආම්ස්ට්‍රෝන්ග් හි උප සමාගමක් වූ මෙට්‍රෝ කැමල් විසින් මසකට යුධ ටැංකි 100ක අනුපාතයකින් 1942 ජුනි මස නිශ්පාදනය ආරම්භ කරනු ඇතැයි කියාය​. මෙම කාලයේදීම ඒ25 නම් නියමාවලි අංකයක් ලබා දීම සහ හැරී හොප්කින්ස් යන නම ලබා දීම සිදු විය​. බලාපොරොත්තු වූ පරිදි 1942 ජුනි මස නිශ්පාදනය ආරම් භ වූ නමුදු හදිසියේම නිරූපණය කර නොතිබූ ගැටළු පැන නගින්නට විය​. වයිකර්ස් ආම්ස්ට්‍රෝන්ග් විසින් ඉදිරිපත් කළ එම් කේ අට මූලාකෘතිය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ගැටළු ගණනාවක් පැන නගින බවය​. නිපදවීමේ ගැටළු හේතුවෙන් යුධ ටැංකිය බාරදීමේ ප්‍රමාදයක් වන බවට සටහනක්, සැපයීමේ අමාත්‍යාංශය විසින් අග්‍ර අමාත්‍ය වින්ස්ටන් චර්චිල් වෙත සැප්තැම්බර් මස යවනු ලැබීය​. යුධ කාර්යාලය විසින් දෙසැම්බරයේදී නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ නිශ්පාදනය කරගෙන යාමට හැකිවීමට පෙර වෙනස්කම් ගණනාවක් අවශ්‍ය බවයි. ඉදිරිපස අවලම්බන පද්ධතිය එකක් බවට පත් කිරීම විශාල ලෙස අවශ්‍ය වන වෙනස් කිරීමක් ලෙස දක්වා තිබුණි. 1943 ජූලි මස වන විටත් ගැටළු පැන නගින බවට යුධ රථ නැහැසුම් පදනම මගින් ඉදිරිපත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබුණි. එහි දැක්වූයේ පරික්ෂාවට ලක් කරමින් තිබෙන ආදර්ශ වල බරපතළ දෝශ ගණනාවක් සොයා ගනිමින් තිබෙන බවයි. ගැටළු කොතරම් උග්‍ර වූවාද යත් අත්හදා බැලීමේ කාලය අවසන් වීමටත් ප්‍රථම එම් කේ අට අත් හැර දැමුණි. වසර මුලදී යුධ කාර්යාලය විසින් ඇණවුම් කළ යුධ ටැංකි 1000 සමග සසදන විට 1943 අගෝස්තු 31 වන විට නිපදවී තිබුණේ යුධ ටැංකි 6ක් පමණි. එනමුදු සැලසුම අතහැර දැමීමට අකැමති වූ යුධ කාර්යාලය 1943 නොවැම් බර් මාසයේදී ටැංකි 750ක් නිපදවීම සඳහා නිල අවශ්‍යතාවයක් ඉදිරිපත් කළ හ​. නමුත් නිශ්පාදනය අවසන් වූ 1945 පෙබරවාරි වන විට නිපදවී තිබුණේ යුධ ටැංකි 100ක් පමණි.

​මෙහෙයුම් ඉතිහාසය​ සංස්කරණය

 
එම් කේ අට සැහැල්ලු යුධ ටැංකිය​

1941 මැද වන විට යුධ කාර්යාලයේ හා හමුදාවේ බලධාරීන් තීරණය කරනු ලැබුවේ සංකල්පයක් වශයෙන් සැහැල්ලු යුධ ටැංකි වගකීමක් වන බවයි. එමෙන්ම බ්‍රිතාන්‍ය හමුදාවට තව දුරටත් භාවිතා කළ නොහැකි පරිදි අනතුරුවලට භාජනය වීමේ ඉඩකඩ වැඩි බවයි. මෙයට හේතු වූයේ ප්‍රංශ යුද්ධයේදී[5] බ්‍රිතාන්‍ය සැහැල්ලු යුධ ටැංකි දැක්වූ දුර්වල ක්‍රියාකාරීත්වයයි. ජර්මානු සන්නාහ වලට එරෙහිව සතුරු යුධ ටැංකි වලට පහරදීමට නිපදවූ ටැංකි සුළු ප්‍රමාණයක් සැහැල්ලු යුධ ටැංකි වලට මූලිකත්වය ගැනීමට යෙදීමෙන් සිදු වූ විශාල හානි නිසාවෙන් සැහැල්ලු යුධ ටැංකි වල යෝග්‍යතාවය පිළිබඳව යුධ කාර්යාලයට නැවත සිතන්නට විය​. සැහැල්ලු යුධ ටැංකි වල පූර්ව යුධ භූමිකාවද නැවත සලකා බැලීමෙදී සුළු නාවුක පිරිසක් සිටින සහ විවිධ භූ රටා සහිත ප්‍රදේශ හරහා ගමන් කිරීමේ හැකියාව සහිත ඔත්තු බැලීමේ රථ සුදුසු බව සොයා ගැණුනි. මෙහි ප්‍රතිඵල ලෙස මෙට්‍රෝ කැමල් විසින් එම් කේ අට සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවන විට ඒවා යල්පැන තිබූ අතර යුධ බිමට යාමටද නොහැකි විය​. බ්‍රිතාන්‍ය සන්නාහ අංශයට සැහැල්ලු යුධ ටැංකි සීමිත ප්‍රමාණයක අවශ්‍යතාවක් තිබූ නමුදු එය ඇමරිකාවේ නිපදවන ලද එම්5 ස්ටුවර්ට් සැහැල්ලු යුධ ටැංකිය[6] විසින් සපුරා තිබුණි. 1942 දෙසැම්බර් නිකුත් වූ ක්‍රියාමාර්ග වාර්තාවකින් පෙන්වා දුන්නේ විශේෂිත මෙහෙයුම් සඳහා නැවත පිරික්සීමේ රෙජිමේන්තු හෝ විශේෂ සැහැල්ලු යුධ ටැංකි රෙජිමේන්තු වෙත මෙම ටැංකිය නිකුත් කළ හැකි බවයි. මෙම යෝජනා සාකච්චාවට බඳුන් වූ අතර ඉන්පසු බැහැර කරනු ලැබීය​. ඒ වෙනුවට තීරණය වූයේ නිපදවා ඇති මෙම ටැංකි ගුවන්තල සහ ගුවන් අංගන ආරක් ෂාව සඳහා රාජකීය ගුවන් හමුදාවට බාර දිය යුතු බවයි.

එම් කේ අට පිළිබඳව සාකච්චාවට ලක්වූ තවත් සැලසුමක් වූයේ වාහක තටු[7] යන්නයි. මෙහිදී පියාපත් වැනි දෑ එම් කේ අට ට සවි කර එය ප්‍රවාහන ගුවන් යානාවකට ගැට ගසා සැහැල්ලු ගුවන් යානයක් ලෙස වාසර හමුදාවන් ගේ සහයට යුධ බිමට ගෙන යාමට සැලසුම් කෙරුණි. ආකෘතිය ඉහළට ගෙන යාමේදී කඩා වැටීමත් සමග මෙම සැලසුම ඉවත හෙලුණි.

ඇලෙක්ටෝ[8] ස්වයං ප්‍රචාලක තුවක්කුව නම් එම් කේ අට හි තනි ප්‍රබේදනයක් නිර්මාණය විය​. මුලින් එය හැඳින්වූයේ හැරී හොප්කින්ස් 1සී එස්(සමීප සහය​) ලෙස අතර පසුව ඇලෙක්ටෝ වෙත පොදු මණ්ඩල නියමාවලි අංකයක් ලෙස ඒ25 ඊ2 දෙනු ලැබුණි. එම් කේ අට බඳෙහි සැහැල්ලු සංස්කරණයක් වෙත මිලි මීටර් 95 (අඟල් 3.7) හොවිත්සරයක් සවි කර තිබුණි. බඳෙහි ඇතුලට කා වදින ලෙස එය සවි කළ හැකි වන පරිදි කොත ඉවත් කර තිබුණි. එමෙන්ම බර අඩු කිරීම සඳහා සන්නාහයේ ඝනකම මිලි මීටර් 10 සිට 4 (අඟල් 0.39 සිට 0.16) දක්වා අඩු කර තිබූ අතර ඒ හේතුවෙන් උපරිම වේගය පැයට සැතපුම් 31 ක් (පැ. කිමී. 50) විය​. ඇලෙක්ටෝ නිර්මාණය කරනු ලැබුවේ ගැටුම් වලදී බ්‍රිතාන්‍ය වාසර බලකායන් යොදාගත් හොවිත්සරය වැනි අර්ධ දම්වැල් මත ධාවනය වන සහය අවි සඳහා ආදේශකයක් ලෙසය​. එහි පළමුවැන්න 1942 අග වනවිට නිපදවිය​. මිලිමීටර් 75 අවි සහිත සන්නාහ රථ[9] වෙනුවටද එය යොදාගත හැකිව තිබුණි. යුධ කාර්යාලය ඇලෙක්ටෝ යුධ රථ 2200ක් ඇණවුම් කළ නමුදු නිපදවූයේ සුළු සංඛ්‍යාවක් වන අතර එහි ප්‍රයෝජනයක් නොමැති වූ නිසා බොහෝ රථ ප්‍රමාණයක් රාජකීය ඉංජිනේරු ඒකකවල[10] පාවිච්චිය පිණිස බුල්ඩෝසර[11] බවට පත් කෙරුණි.

යොමුව සංස්කරණය

  • Bishop, Chris (2002). The Encyclopedia of Weapons of World War II: The Comprehensive Guide to Over 1,500 Weapons Systems, Including Tanks, Small Arms, Warplanes, Artillery, Ships and Submarines. Sterling Publishing Company, Inc. ISBN 1-58663-762-2.
  • Fletcher, David (1993). The Universal Tank: British Armour in the Second World War Part 2. Her Majesty's Stationary Office. ISBN 0-11-290534-X.
  • Flint, Keith (2006). Airborne Armour: Tetrarch, Locust, Hamilcar and the 6th Airborne Armoured Reconnaissance Regiment 1938-1950. Helion & Company Ltd. ISBN 1-874622-37-X.