එන්ඩීටීවී යනු (NDTV) (New Delhi Television Limited) 1988 දී රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි විසින් ආරම්භ කරන ලද වාණිජ රුපවාහිනී නාලිකා සහ ව්‍යාපාරික ජාලයකි. NDTV යනු, New Delhi Television යන්නෙහි කෙටි කරන ලද නම වේ.[2]

New Delhi Television Limited
වර්ගයPublic company
ස්ථාපිතය1988
ප්‍රාරම්භකරාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි
මූලස්ථානයනව දිල්ලිය,  ඉන්දියාව
සේවා සරියඉන්දියාව
ප්‍රධාන පුද්ගලයන්රාධිකා රෝයි (සම සභාපති)
ප්‍රනෝයි රෝයි (සම සභාපති)
K. V. L. Narayan Rao (Executive Vice-Chairperson)
Vikramaditya Chandra (CEO)
කර්මාන්තයමාධ්‍යය
නිෂ්පාදිතයන්Broadcasting, Website, Mobile Applications
ආදායම4.96b (2012)[1]
සේවකයන්1,491 (2011)
වෙබ්අඩවියndtv.com/
විකුණනු ලබන්නේ(සැකිල්ල:BSE, සැකිල්ල:NSE)

රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි සමාගමේ සම සභාපතිවරු වේ.

ඉන්දියාව පුරා පැතිරුණු ශාඛා රැසක් එන්ඩීටීවී සතුව පවතින අතර වාර්ශිකව මොවුන් විසින් වසරේ විශිෂ්ඨම ඉන්දියානුවා තෝරා සම්මානයක් ලබා දීම සිදු කරයි. එන්ඩීටීවී සතුව ප්‍රධාන පුවත් නාලිකා 3කි. එනම් එන්ඩීටීවී 24x7 (ඉංග්‍රීසි), NDTV India (හිංදි) සහ එන්ඩීටීවී ප්‍රොෆිට් (ව්‍යාපාරික පුවත්) වේ.

එන්ඩීටීවී හි නාලිකා සංස්කරණය

ජාත්‍යන්තර සංස්කරණය

  • ATN NDTV 24x7
  • NDTV Worldwide
  • NDTV Convergence – Website, Mobile Applications
  • Indianroots - ඉන්දියානු වාර්ගික ඊ කොමස් ව්‍යාපාරය.[3]

විවිධ මුලපිරීම් සංස්කරණය

NDTV විසින් විවිධ අරමුණු සාක්ෂාත් කර ගනු වස් විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙයි. දේෂගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ග්‍රාමීය ප්‍රදේශ සඳහා විදුලි බලය ලබාදීම හා අධ්‍යාපන ප්‍රවර්ධනය එවැනි සමහරක් ව්‍යාපෘති වෙයි. පහත දැක්වෙන්නේද එවැනි ව්‍යාපෘති කීපයකි.

  • Greenathon: දේශගුණික විපර්යාස පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, ග්‍රාමීය ප්‍රදේශ වලට විදුලි බලය ලබාදීම සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියකි. 2010 හා 2011 වසර වලදී ක්‍රියාත්මක වූ මෙයින් ඉන්දියානු රුපියල් මිලියන 130 ක අරමුදලක් උපයා ගන්නා ලදී.
  • Save Our Tiger Campaign: 2010 වසරේදී ක්‍රියාත්මක වූ මෙය වේගයෙන් අඩුවී යන ඉන්දියානු කොටි සම්පත රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූවකි.[4][5] මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියානු රුපියල් මිලියන 19.9 ක අරමුදලක් ගොඩනගා ගත් බව පැවසෙයි.[6]
  • Support My School Campaign: 2011 දී සිදුකල මෙම ව්‍යාපෘතියෙන් ඉන්දියාවේ ග්‍රාමීය පාසල් 140 ක් සඳහා ඉන්දියානු රුපියල් මිලියන 72 ක ආධාර ලබා දීම සිදු කරන ලදී.[7]
  • Fit India Movement:2011 දී දියත් කල සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපාරයකි.[8]
  • Marks for Sports: 2011 වසරේදී දියත් කල ක්‍රීඩාව සහ යහපත් සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයකි.[8]
  • Save India's Coasts: ඉන්දියානු වෙරළ සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියකි.[9]

මතභේදයට ලක්වීම් සංස්කරණය

දූෂණ කුමන්ත්‍රණ චෝදනාව සංස්කරණය

1998 ජනවාරි 20 දින ඉන්දියානු සීබීඅයි [Central Bureau of Investigation] සංවිධානය විසින් එන්ඩීටීවී හි අධ්‍යක්ෂක ප්‍රනෝයි රෝයි, හිටපු අධ්‍යක්ෂ දූර්දර්ශන් හා තවත් 5 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන ලද්දේ අයුතු මාධ්‍ය භාවිතාවක් සිදු කල බව පවසමිනි.[10][11][12][13][14]

බදු වංචා පිළිබඳ චෝදනාව සංස්කරණය

එන්ඩීටීවී ය ඉන්දියානු රජයට බදු වංවා සිදුකොට ඇතැයි චෝදනා එල්ල විය.[15] නමුත් එන්ඩීටීවී ය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල කොන්ත්‍රාත්තුව සංස්කරණය

2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.[16][17][18]

TAM ඉන්ඩියා ට එරෙහි නඩුව සංස්කරණය

TAM (television audience measurement) ආයතනයට එරෙහිව නඩුවක් පැවරුන අතර එන්ඩීටීවී ය එහිදී කියා සිටියේ TAM ඉන්ඩියා ආයතනය විසින් යම් හැසිරවීමකට ලක් කරන ලද ප්‍රේක්ෂක දත්ත ඉදිරිපත් කර ඇති බවයි.[19]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Financial Tables of NDTV
  2. "News Delhi TV". ndtv.com. සම්ප්‍රවේශය 18 September 2006.
  3. http://www.medianama.com/2013/07/223-ndtv-e-commerce-indianroots/
  4. "Save Our Tiger Campaign". WWF India.
  5. "Save Our Tiger". NDTV.
  6. "Save Our Tiger". NDTV.
  7. "Support my school". NDTV.
  8. 8.0 8.1 "NDTV-Nirmal Lifestyle launch Marks for Sports under the Fit India movement". Business Standard.
  9. "Save India's cost". NDTV.
  10. "NDTV and Prannoy Roy – Once Upon a Time « Zoom Indian Media". Zoomindianmedia.wordpress.com. 14 February 2011. සම්ප්‍රවේශය 26 May 2012.
  11. "Mandarins' Murdoch mission likely to end up in smoke". Expressindia.com. 9 July 1998. සම්ප්‍රවේශය 26 May 2012.
  12. "Sorry". Indianexpress.com. සම්ප්‍රවේශය 26 May 2012.
  13. http://www.outlookindia.com/printarticle.aspx?204285
  14. http://www.outlookindia.com/printarticle.aspx?204133
  15. "NDTV juggles funds, shares abroad, avoids tax". The Sunday Guardian. 5 December 2010. සම්ප්‍රවේශය 6 December 2010.
  16. "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
  17. "CAG blames top media houses in Commonwealth Games Scam". News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-12-16.
  18. "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
  19. "NDTV says TV ratings manipulated". 1 August 2012.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එන්ඩීටීවී&oldid=591538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි