උප‍දේශන මනෝ විද්‍යාව

මනෝ ප්‍රතිකාරය යනු සේවා දායකයින්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳීම සඳහා පලපුරුදු මනෝ ප්‍රතිකාරකයින් යොදා අන්තර් පුද්ගල සමාජ සම්බන්ධාත්මක මැදිහත් වීම් සිදු කිරීමකි. මෙමඟින් පුද්ලයාගේ නිරෝගී පැවැත්ම පිළිබඳ හැඟීම් වැඩි දියුණු කිරීම සහ අදාල පුද්ගලයාගේ අපහසුතාවයන් පිළිබඳ අත්දැකීම් අඩු කිරීම සිදු කෙරේ. මේ සඳහා ඔහු විවිධාකාර වූ උපක්‍රම යොදාගනී. ඒවා නම් වාක්‍ය කාණ්ඩ, අදහස් හුවමාරුව සහ හැසිරීම් වෙනස් කිරීම මඟින් රෝගියාගේ / සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය දියුණු කිරීම හෝ කණ්ඩායම් සම්බන්ධතා දියුණු කිරීම වෙයි.


ක්‍රම සංස්කරණය

බොහෝ මනෝ ප්‍රතිකාරයන්හි වාචික අදහස් හුවමාරුව යොදා ගනියි. නමුත් ඇතැම් විට ලිඛිත වචන , චිත්‍ර , නාට්‍ය , කථා, සංගීතය සහ ප්‍රතිකර්ම ස්පර්ශය වැනි දෑ ද යොදා ගත හැක. මනෝ ප්‍රතිකාරයේ දී සේවාදායකයා සහ පුහුණු ප්‍රතිකාරකාරන්නා අතර සැලසුම් සහගත හමුවීමක් සිදු වේ. 1990 දී මුලින්ම ප්‍රයෝජනාත්මක සහ සිද්ධාන්ත මත පදනම් වූ මනෝ විශ්ලේෂණය හා බැඳුණු මනෝ ප්‍රතිකාරයන් ඇරඹේ. එතැන් පටන් වෙනත් විවිධාකාර ප්‍රවේශන වර්ධනය වෙමින් හා තවමත් නිර්මාණය වෙමින් පවතී.

සායනික ලෙස හඳුනාගත හැකි ප්‍රශ්නවලදී මතුවන ලක්ෂණ මෙම ප්‍රතිකාරය මඟින් සුව කළ හැක. Carl Rogers ට අනුව දිනපතා ජීවිතයේ දී ඇතිවන ගැටලු සඳහා සිදු කරන ප්‍රතිකාරයන් උපදේශනය ලෙස හැඳින්විය හැක. නමුත් උපදේශනය සහ මනෝ ප්‍රතිකර්මය එකිනෙක බැඳී පවතී.


මනෝ ප්‍රතිකර්ම සංස්කරණය

මූලික ලෙස නිර්මාණය කළ ඇත්තේ මානසික රෝග සඳහා ප්‍රතිකාරයන් ලෙසය. නමුත් සියලුම මනෝ ප්‍රතිකාර ප්‍රවේශනයන් රෝගය සුවකිරීම යන ප්‍රවේශනය පිළි නොපදී. ඇතැම් චිකිත්සකයින් තමා අධ්‍යාපනික හෝ සහායක චරිතයක් ලෙස දකී. මනෝ ප්‍රතිකාරයන් තුළ දී සංවේදී මාතෘකා බොහෝ විට සාකච්ඡාවට බඳුන් වන නිසා ප්‍රතිකාරකයින් සේවාදාකයාට ගරු කිරීම සහ රහසිගතභාවය රැකීමට නීතියෙන් බැඳී සිටී.


මනෝ ප්‍රතිකාරයේ පද්ධතීන් සංස්කරණය

මෙහි පද්ධති ගණනාවක් ඇත

  1. සංජානන චර්යාව
  2. මනෝ විද්‍යා චාලකයන්
  3. සංදෘෂ්ඨිකවාදය
  4. උපකාරකයන් ලෙස
  5. කෙටිකාලීන ප්‍රතිකාර
  6. සැලසුම් සහගත ප්‍රතිකාරය
  7. සම්බන්ධිත මනෝ ප්‍රතිකාරය
  8. දෛනික මනෝ ප්‍රතිකාරය
  9. මෝහන මනෝ ප්‍රතිකාරය
  10. Trans – personal මනෝ ප්‍රතිකාරය
  11. මූලික මනෝ ප්‍රතිකාර මූලධර්ම ආරම්භයක් ලෙස -Tinbersens ගේ ගැටළු 4ක් ආවර්තිතා වගුව
  12. Tinbersens ගේ ගැටළු 4ක් වගුව අනුව සියලුම මනෝ ප්‍රතිකාර ක්ෂේත්‍ර මානව විද්‍යාවේ පර්යේෂණ සහ මිනිස්කම යටතේ පොදු ආකෘතියකට ගත හැක. (ප්‍රශ්න ඉලක්ක කර ගත් කෙටි ප්‍රතිකාරය) (පවුල් ප්‍රතිකාරය - විවාහ උපදේශනය)
"https://si.wikipedia.org/w/index.php?title=උප‍දේශන_මනෝ_විද්‍යාව&oldid=624633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි