2009 දෙරණ ඩී‍්‍රම් ස්ටාර් සංගීත වැඩ සටහනේ ජයග්‍රාහකයා.

තරගකරුවන් 23,000 කින් අවසන් වටයට පිවිසි තරගකරුවන් තිදෙනා අතරින් මිලින්ද සඳරුවන් සහ නිලුපුලි දිල්හාරා අභිබවා වාද්දුව මැදි විදුහලේ ඉගෙනුම ලබන 20 හැවිරිදි උදේශ් ඉන්දුල දෙරණ ඩී‍්‍රම් ස්ටාර් කිරුළ රසික ජනතාවගේ වැඩිම SMS ප‍්‍රමාණයක් ලබා ගනිමින් හිමි කරගන්නට සමත් වුයේය.

මැදියම් රැය උදාවත් සමග උදේශ්ට කිරුළ හිමිවන මොහොතේ ඔහුගේ 20 වැනි උපන් දිනය ද සැමරීම එම අවස්ථාවේ දක්නට ලැබීම විශේෂත්වයකි.

රූපවාහිනී නාලිකාවල පැවැති මේ හා සමාන තරගවලින් මෙතෙක් වැඩිම ත්‍යාග මුදලක් හිමි තරගකරුවා වීමට උදේශ් භාග්‍යවන්ත විය. ලක්‍ෂ 20 ක මුදල් ත්‍යාගයක්, ලක්‍ෂ 28 ක් වටිනා සුසුකි ස්විෆ්ට් කාරයක් සහ තවත් වටිනා ත්‍යාග රැසක් ඔහු හිමි කරගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=උදේශ්_ඉන්දුල&oldid=471014" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි