උද්භිද විද්‍යාව (ඉංග්‍රීසි:  Botany) යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. උද්භිද විද්‍යාව ශාක විද්‍යාව හෝ ශාක ජීව විද්‍යාව ජීව විද්‍යාඥ ශාඛාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්‍යාව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්‍යුය, වර්ධනය, පර්ෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවතින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උද්භිද විද්‍යාව හා ශාක විද්යාදව ගෝතරිදහසක වහරේ පටන් ඇරඹි අතර කෑමට සුදුසු ඖෂධීය ගුණ ඇති හා විෂකුරු ශාක හඳුනා ගැනීම එය තුල විය. එනිසා උද්භිද විද්යා ව පැරණිතම විද්යාගව ක් ලෙස සැළකේ. ශාක සඳහා වූ මේ පෞරාණික අභිරුචියේ පටන් 550,000 වැඩි ජීවී විශේෂ පිළිබඳ වූ අධ්‍යයනයක් දක්වා උද්භිද විද්යා විෂය ක්ෂේත්‍රයන් වර්ධනයට ලක්විය.

ගොනුව:504px-Pinguiculagrandiflora1web.jpg
Pinguicula grandiflora

ඉතිහාසය සංස්කරණය

ශාක වර්ගීකරණය සඳහා වූ මූලික උදාහරණ ඍග් වේදයෙන් හමුවේ. එමගින් ශාක ව්‍රවස්ක (ගස්) , ඕෂධී (ඖෂධ) හා විරූඪ (වැල් වර්ග) ලෙස බෙදා වෙන් කරන ලදී. මෙම කොටස් නැවතත් අනුකොටස් වලට බෙදී ඇත. අථර්වේදය විසින්, ශාකයන්, කොටස් අටකට බෙදන ලදී. එනම් විසාකා (අතු විහිදුනු), මංජරී (දිගු පොකුරු ලෙස පත්‍ර දරන), ස්ථම්භිනී (පඳුරු), ප්‍රස්තනාවතී (පැතිරෙන), ඒකශ්‍රන්ග (ඒක පාදී ලෙස වර්ධනය වන), පරාය තනවාටී (වැල්), අම්සුමතී (අංකුර බහුල), හා ඛන්ඩිනී (ගැට සහිත සන්ධි සහිත ශාක) ලෙසය. තෛතරිිරරය සංහිතාව ශාක රාජධානිය වෘක්ෂ වන ධරෑඩම (ශාක), විශාක (අතු පතර විහිදෙන පඳුරු), සස (ඖෂධ), අංශුමාලි (පැතිරෙන හෝ අවද්රාවෙණ ශාක), වරදී තති (ආරෝහක), ස්ථම්භිනී (ගොමුවන් පඳුරු), පරා් තනවටී (වැල්) හා අලසලා (බිම දිගේ වැඩෙන) ලෙස වර්ග කරනු ලැබීය

මනුස්මෘති විසින් ශාක කාණ්ඩ අටකට බෙදා වර්ගකරන වර්ගීකරණයක් යෝජනා කරනු ලැබීය. චරක සංහිතා සුශරැාකතත සංහිතා හා වෛශාක්යී ද විවිධාකාරයේ වර්ගීකරණ කරජධ ම යෝජනා කළෝ ය. වෘක්ෂායුර්වේදය (ශාක ජීවිත පිළිබඳ විද්යාවව) ලියූ පරශාර, ශාක ද්විමතරිකරජක (ද්වි බීජ පතරි) හා ඒක මතරිෂායක (ඒක බීජ පතරී ාත) ලෙස වර්ග කරනු ලැබීය. එම කොට්ඨාස තවදුරටත් සමඝනීය (ෆැබසියේ කුලය), පුප්ලිකඝනිය (කෘසිෆර් කුලය ), තරිී පුෂ්ප ඝනිය (කුකුර්බිටේසි කුලය), මල්ලිකාඝනිය (ඇපොසිනාසේ කුලය) හා කුර්කපුෂ්පඝනිය (ඇස්ටෙරාසේ කුලය) ලෙස බෙදනු ලැබීය.

ක්‍රි.පූ. 300 පමන ලියැවුණු යුරෝපයේ පැරණිතම උද්භිද විද්‍යාත්මක කෘති අතර තියෝපරැන ස්ටස් විසින් රචිත විශාල නිබන්ධන දෙකක් විය. ඒවා නම් ශාක ඉතිහාසය පිළිබඳව හා ශාක නිදාන පිළිබඳව යි. මෙම කෘති දෙක අඳුරු යුගයේ හා මධ්‍යතන යුගයට පැමිණෙන තුරුම උද්භිද විද්‍යාව සඳහා පෘථුල දායකත්වයක් සැපයී ය. රෝමානු වෙවද්‍ය ග්‍රන්ථ රචක ඩයොස්කොරිඞ්ස් ඖෂධ පැලෑටි සඳහා වූ ග්‍රීක හා රෝම දැනුම පිළිබඳ වැදගත් සාධක සපයයි.

අතීත චීනයේ විවිධ ශාක හා ඖෂධ වට්ටෝරු පිළිබඳ ඉතිහාසය අවම වශයෙන් ක්‍රි.පූ. 481 - ක්‍රි.ව. 221 අතර වූ යුධ පරාි න්ත දක්වා දිවෙයි. සියවස් ගණනාවක් පුරා බොහෝ චීන කතුවරු ශාක ඖෂධ පිළිබඳ ලිඛිත දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය සැපයීය. හන් රාජ වංශයේ (ක්‍රි.පූ. 202 - ක්‍රි.පූ. 220) හුඑන්ග්ඩි නෙයිජිං විසින් රචිත කෘති හා දෙවන සියවසේ සුපර්තුකරභපූට ඖෂධවේදී සැන්ග‘ සොන්ජින්ග් මේ අතර පර0ය කට වෙයි. 11වන ශතවර්ෂයේ විද්‍යාඥ හා රාජ තාන්තරි ක සු සොන්ග් හා ෂෙන් කු ඕ ශාක ඖෂධ හා ඛනිජ විද්‍යාවේ භාවිත පිළිබඳ නිබන්ධන සකස් කළෝය.

මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුණු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්යාකයවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශරපාර ගේ උපස්කාර විශේෂ වෙයි.

1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක සෛල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බිරරලදතාන්යු ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය. 1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.

නූතන උද්භිද විද්‍යාව සංස්කරණය

Arabidopsis Thaliana වැනි ආදර්ශ ශාක අධ්‍යයනය තුලින් වැදගත් දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට හැකිවී ඇත අබ පවුලට අයත් මෙම වල් ශාකය ගෙනෝම අනුපිළිවෙල සොයාගත් මුල්ම ශාක වලින් එකකි' වී (ඔරයිසා සැටයිවා) ගෙනෝමය සොයාගැනීමත් සමග විශාල ජාත්‍යන්තර ගවේෂණ ප‍්‍රජාවක් සහල් ඒක බීජ පත‍්‍රික දර්ශීය ව්‍යුහය බවට පත් කරලීය' තවත් තෘණ විශේෂයක් වන Brachypodium Distachyon ද සෞම්‍ය කලාපීය තෘණ වර්ගයන්හි ජානමය සෛලය හා අණුක ජීව විද්‍යාව හඳුනා ගැනීම සඳහා පර්යේෂණාත්මක ආදර්ශයක් ලෙස භාවිතා වෙමින් පවතී' තිරිගු මේසa බාර්ලි රයි හා පර්ල් මිලට් වැනි අනෙකුත් වානිජ වශයෙන් වැදගත් ප‍්‍රධාන ආහාර ද තම ගෙනෝම අනුපිළිවෙල වෙන් කරගෙන සිටිති' මෙයින් ඇතැම් ශාක ගෙනෝම අනුපිළිවෙලට අභියෝග කරමින් ද්විගුන වර්ණ දේහ දැරීම වෙනුවට වර්ණදේහ යුගල් වැඩි සංඛ්‍යාවක් දරමින් බහුගුනතාවය පෙන්වයි' මෙය ශාක රාජධානිය තුල සමාන්‍යයෙන් දැකිය හැකි තත්වයකි' ඒක සෛලය හරිත ඇල්ගාවක් වන Chlamydomonas reinhardt අධික ලෙස අධ්‍යයනයට ලක්වූ සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ වැදගත් එළිදරවු සපයාදුන් තවත් ශාක දර්ශයකි'

1998 දී ආවෘත බීජක වංශප‍්‍රවේණික කණ්ඩායම ^the Angiosperm Phylogeny Group) බොහෝ සපුෂ්ප ශාක ගෝත‍්‍රවල ඩී ඒන් ඒ අනුපිළිවෙල පදනම් කරගෙන සපුෂ්ප ශාක වල වංශප‍්‍රවේණිය පළකරනු ලැබීය' මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ආවෘත බීජක ශාක වල පුරාණතම ශාකා නියෝජනය කරන්නේ කුමන ගෝත‍්‍ර ද බඳු වැදගත් ගැටළු අවබෝධ කරගැනීමට හැකිවී ඇත' ශාක විශේෂ එකිනෙකට කෙතරම් බන්ධුතාවයක් දක්වන්නේ ද යන්න සෙවීම උද්භිද විද්‍යාඥයන්ට ශාක පරිණාම ක‍්‍රියාවලිය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයකට මග පාදයි.

උද්භිද විද්‍යා විෂය පථය සහ උද්භිද විද්‍යාවේ වැදගත්කම සංස්කරණය

ජීව විද්‍යාවේ ඇති අනෙකුත් ජීවී ආකාර මෙන්ම ශාක ජීවීන් ද විවිධ කෝණයන්ගෙන් අධ්‍යයනය කළ හැක. එය අණුක , ජානමය සහ ජීව රසායනයෙන් පටන්ගෙන ඉන්ද්‍රියිකා, සෛල , පටක, ඉන්ද්‍රියයන්, ඒකයිකයා, ශාක ගහනය සහ ශාක ප්‍රජාවන් දක්වා වේ. මේ සෑම මට්ටමක දීම උද්භිත විද්‍යාඥයා විසින් ශාක ජීවිතය හා වර්ගීකරණය, ව්‍යුහ විද්‍යාව , රූප විද්‍යාව සහ කායික විද්‍යාව ගැන සැලකිලිමත් විය යුතුය. ඉතිහාසයේ දී උද්භිද විද්‍යාව , සත්වයකු නොවන සෑම ජීවියකු පිළිබඳවම ආවරණය කරන ලදී. මින් සමහරක් ජීවීන් තවදුරටත් ශාක රාජධානියට අයත් ‍නොවන ලෙස වෙන් කර ඇත. එනම් දිලීර (දැනට දිලීර විද්‍යාව යටතේ හදාරයි), ලයිකන (ලයිකන විද්‍යාව) බැක්ටීරියා (බැක්ටීරියා විද්‍යාව /බැක්ටීරියාවේදය) , වයිරස(වයිරස විද්‍යාව) සහ දැනට ප්‍රොටිස්ටාවන් ලෙස කාණ්ඩ කර ඇති ඒක සෛලික ඇල්ගී යනාදියයි. කෙසේ වෙතත් උද්භිද විද්‍යාඥයින් තව දුරටත් මේවා ගැන සැලකිලිමත් වන අතර දිලීර,ලයිකන , බැක්ටීරියා සහ ප්‍රභාසංස්ලේෂණය කරන ප්‍රො‍ටි ස්ටාවන් උද්භිද විද්‍යාව මූලික පාඨමාලා යටතේද සාමාන්‍යයෙන් ආවරණය වේ. කරුණු කිහිපයක් නිසා ශාක ගැන අධ්‍යයනය ඉතා වැදගත් වේ. ශාක, පෘථිවියේ ජීවයේ මූලික අංගයකි. අනෙක් උසස් ජීවීන් ගේ දිවි පැවැත්ම උදෙසා අවශ්‍ය වන ඔක්සිජන්, ආහාර, කෙඳි වර්ග, ඉන්ධන සහ ඹෟෂධ මේ ශාක මගින් උපද්දවයි. ශාක ප්‍රභාසංස්ලේෂණයේ දී කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර සුළු හරිතාගාර වායුවක් වන මෙය විශාල ප්‍රමාණයන් වුවහොත් ගෝලීය දේශගුණික තත්වයන්ට බලපෑමක් ඇති කළ හැක. ශාකවල පරිණාමයේදී පෘථිවි වායුගෝලයේ වෙනස්කම් ඇති කළ බවට විශ්වාසයක් පවතී. පුරාඋද්භිද විද්‍යාඥයන් පොසිල වාර්තා මගින් ඉපැරණි ශාක පිළිබඳ අධ්‍යයනයක යෙදේ. ශාක ගැන මනා වැටහීමක් ඇති වීම අනාගත මානව සංහතියට වැදගත් වන අතර ‍එය පහත දැක්වෙන ආකාරයෙන් අපට උපකාරී වේ

  • වැඩිවන ජනගහනයට පෝෂණයට අවශ්‍ය ආහාර නිපදවීම
  • මූලික ජීවයක ක්‍රියා සන්තතිය වටහා ගැනීම
  • රෝග සහ අනෙකුත් අසනීප සඳහා අවශ්‍ය වන ඹෟෂධ නිපදවීම
  • පරිසරාත්මක වෙනස්කම් වඩාත් පැහැදිලි ලෙස හඳුනාගැනීම

උද්භිද විද්‍යාවේ උපප්‍රභේද සංස්කරණය

  • ශෂ්‍ය විද්‍යාව
  • බ්‍රයෝ විද්‍යාව
  • වෘක්ෂ විද්‍යාව
  • ආර්ථික උද්භිද විද්‍යාව
  • මානවවංශ උද්භිද විද්‍යාව
  • වන විද්‍යාව
  • උද්‍යාන විද්‍යාව
  • ලයිකන් විද්‍යාව
  • ශාක භෞතවේදය
  • දිලීර විද්‍යාව
  • ව්‍යාධිවේදය
  • ඇල්ගී විද්‍යාව
  • ශාක රසායන විද්‍යාව
  • ශාක ව්‍යුහවිද්‍යාව
  • පරිසර විද්‍යාව
  • ශාක ජාන විද්‍යාව
  • ශාක රූප විද්‍යාව
  • ශාක වර්ගීකරණය
"https://si.wikipedia.org/w/index.php?title=උද්භිද_විද්‍යාව&oldid=575917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි