උටා තේ බඳුන හෝ නිවෙල් තේ බඳුන යනු පරිගණක ග්‍රැෆික් සමාජය තුළ සම්මත පරිශීලක වස්තුවක් බවට පත්ව ඇති 3D ආකෘතියකි. එය සරල හැඩයකින් යුත් සාමාන්‍ය තේ බඳුනක ගණිතමය ආකෘතියක් වන අතර ඝන සිලින්ඩරාකාර හා භාගිකව උත්තල ලෙස දිස්වේ.

උටා තේ බඳුන

මෙම තේ බඳුන ආකෘතිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ උටායි විශ්ව විද්‍යාලයේ ග්‍රැෆික් වැඩසටහන් දියුණු කිරීමේ සාමාජිකයකු වූ, මුල් කාලීන පරිගණක ග්‍රැෆික් පර්යේෂකයෙකු වූ මාර්ටින් නිවෙල් විසින් 1975දීය.

භාවිත සංස්කරණය

පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල පළමු කෙටි චිත්‍රපට වල සහ අනතුරුව නිර්මාණය වු සම්පුර්ණ වාර්තාමය චිත්‍රපට වල ආරම්භක අවදියේ පටන්ම කිසියම් දර්ශනයක උටා තේ බඳුන අන්තර්ගත කරවීම එක්තරා ආකාරයක හාස්‍ය ජනක සම්ප්‍රදායක් බවට පත්විය. උදාහරණයක් ලෙස Toy Story චිත්‍රපටයේ කෙටි තේපැන් සංග්‍රහ දර්ශනයේ උටා තේ බඳුන ඇතුළත් විය. එමෙන්ම ඇතැම්විට Microsoft ආයතනයේ Windows මෘදුකාංගය සමග නිකුත් කෙරෙන Pipes නම් Screensaver වැඩ‍සටහනෙන් ඇතැම් විට ඌටා තේ පෝච්චිය දැකගත හැක. ඒ හැරුණු විට Treehouse of Horror VI ලෙස නම් කල The Simpsons කතාංගයෙහි ද තේ පෝච්චිය අන්තර්ගත වේ.

(ජිම් ආවෝ සහ ඩේව් කර්ක් 1987 වසරේ ඉදිරිපත් කල “Fast Ray Tracing by Ray Classification” SigGraph ප්‍රකාශනයේ ඇතුළත්)එක් ප්‍රසිද්ධ කිරණ අනුරේඛිත රූප සටහනක කුළුණු හයක් නිරූපිත අතර ඉන් කුළුණු 5 ක් මත ප්ලේටෝනික ඝන වස්තු (චතුස්තලය, ඝනකය, අෂ්ට තලය, ‍මුහුණත් 12 කින් යුත් ඝන වස්තුව සහ වින්සති තලය යන ඒවා මෙයට අයත්වෙයි) නිරූපණය කර ඇති අතර ඉතිරි කුලුණ මත තේ පෝච්චියක් නිරූපිතය. මෙම රූප සටහන “The Six Platonic Solids” හෙවත් ප්ලේටෝනික ඝන වස්තු 6 ලෙස හැදින්වෙන අතර ඒ හේතුවෙන් ඇතැම් අය තේ පෝච්චිය “Teapotahedron” ලෙසද හදුන්වති. මෙම රූප සටහන පොත් සහ සඟරා කිහිපයකම කවරයේ රූප සටහන් ලෙස පලකෙරුණි. ජිම් බ්ලින් (ඔහුගේ “Project Mathematics!” නම් වීඩියෝ ක්ලිපයේ) ෆයිතගරස් ප්‍රමයේ වෙනස් ආකාරයක් ඔප්පුකර පෙන්වීමට සමත්වීම. අංශක 90 කෝණයක් දෙපසින් ද්විමාන තේ පෝච්චිය බැගින් නිර්මාණය කරන්න. එවිට කර්ණය මත පිහිටන තේ පෝච්චියේ ක්ෂේත්‍ර ඵලය අනෙක් දෙපසෙහි පිහිටි තේ පෝච්චි වල ක්ෂේත්‍ර ඵලයන්ගේ ඓක්‍යයට සමවේ.

නිවල් තේ පෝච්චිය Serious Sam පරිගණක ක්‍රිඩා වලද Serious යාන්ත්‍රණයේ ත්‍රිමාන ආකෘති කරණය ගුණ පෙන්වීම සදහා භාවිත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=උටා_තේ_බඳුන&oldid=462889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි