ආබාධිතවුවන්ගේ ක්‍රීඩා

ආබාධිතයින්ගේ ක්‍රීඩා වලට සහභාගී වන්නේ ශාරීරිකව හෝ මානසිකව අපහසුතා ඇති පුද්ගලයන්ය. ‍ෙබා‍ෙහාමයක් දැනට පවතින ක්‍රීඩා නවීකරණය කර ආබාධිත පුද්ගලයින්ට ගැලපෙන ලෙස හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකසා ඇත. සමහර අවස්ථාවලදී මේවා සකස් කරන ලද ක්‍රීඩා ලෙස හඳුන්වනු ලබයි. සෑම ආබාධිතයන් සඳහා වු ක්‍රීඩාවක්ම එසේ සකස් කරනු ලැබූ ඒවා නොවේ.ආබාධිතයන් සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබූ සමහර ක්‍රීඩාවන්ට සමාන ක්‍රීඩා ආබාධිත නොවන අය සඳහා වන ක්‍රීඩා වල නැත.


සංවිධානය හා ඉතිහාසය සංස්කරණය

 
Annette Roozen දුර පැනීමේ තරඟයට සහභාගී වෙමින්

ආබාධ සහිත ක්‍රීඩකයන් වර්ග 3 කට බෙදේ. බිහිරි, ශාරීරික ආබාධ හා මානසික ආබාධ. අන්තර්ජාතික බිහිරි තරඟ මුලින් ම ආරම්භ වුයේ 1924 පැරිස් සයිලන්ට් ගේම්ස් වලය. මෙම තරඟ වර්තමානයේ පවතින ඩෙෆලිම්පින්ස් වල විකාශනයයි. අන්තර්ජාතික බිහිරි ක්‍රීඩා කමිටුව (CISS) බිහිරි තරඟකරුවන් සඳහා වෙනම තරඟ පවත්වන අතර, එය ඔවුන්ගේ ප්‍රමාණයෙන්, විශේෂ සන්නි‍වේදන අවශ්‍යතා හා අන්‍යොනය සබඳතා ක්‍රීඩාව කෙරෙහි බලපායි. මෙම ක්‍රීඩා මුලින්ම දෙවන ලෝක යුද්ධයෙන් ආබාධ වූ සොල්දාදුවන් හා සිවිල් වැසියන් පුනරුත්ථාපනය කිරී‍ම සඳහා ප්‍රධාන කොටසක් ලෙස යොදා ගැනුණි. මෙහි මුල්ම නිර්මාතෘවරයා වන්නේ 1948 මැන්ඩවිල් රෝහලේ විසූ සර් ලුඩ්වින් ගට්මන් ය. ඔලිම්පික් තරඟ ලන්ඩන් වල පැවති අතර, ආබාධ සහිත රෝද පුටු තරඟකරුවන්නේ තරඟය ස්ටොන් මැන්ඩවිල් හි පවත්වන ලදි. මෙය වර්තමානයේ පැරාලිම්පික් තරඟාවලියේ විකාශනයයි. වර්තමානයේ මෙම තරඟාවලිය අන්තර් ජාතික පැරාලිම්පික් කමිටුව හා අන්තර් ජාතික ක්‍රිඩා සංවිධාන යටතේ පාලනය වේ. බුද්ධිමය ආබාධ ක්‍රීඩාව 1960 වසරේ විශේෂ ඔලිම්පික් සංවිධානයකින් බිහිවිය. 1962 ඉයුනීස් කෙනඩි ශ්‍රීවර් ගේ ග්‍රීස්ම කඳවුරු කිහිපයකින් වර්ධනය විය. මුල්ම අන්තර්ජාතික විශේෂ ඔලිම්පික් තරඟය 1968 දී චිකාගෝ හිදී පැවැත් වුණි. 1986 වසරේ දී අන්තර්ජාතික බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධානය (WAS - FID) බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ විශිෂ්ඨ තරඟ ඇති කලේය. බුද්ධිමය ආබාධ සහිත ක්‍රීඩකයන් පැරාලිම්පික් හි අඩංගු කර තිබු අතර, 2000 වසරේ ඔලිම්පික් හි දී ඇති වූ වංචාවන් හේතුවෙන් මෙම තරඟකරුවන් පැරාලිම්පික් තරඟාවලියෙන් තහනම් කරන ලදි. 2006 වසරේ දී සන්ධි ආබාධ සහිත පුද්ගලයන් හට තරඟයක් සංවිධානය කරන ලද අතර කොලේජ් පාර්ක් සමාගම (තම නිෂ්පාදනය වන කෘත්‍රිම පාද) මෙහි තරඟයක් වන ඇක්ෂන් ස්පෝට්ස් තරඟය ට අනුග්‍රහය දක්වා ඇත. මෙය ග්‍රීෂ්ම සෘතුවේ ඔර්ලැන්ඩො හි පවත්වන අතර අදාල තරඟකරුවන් හිම මත ලිස්සා යාම, පර්වත නැඟීම, කදු තරණය - බසියිකල් මඟින්, රැල මත පැදීම හා ඔරු පැදිම වැනි ක්‍රීඩා කරති.

අන්තර්ගත කිරීම සංස්කරණය

 
2014 පැරිස් මැරතන් තරඟයෙහි තරඟ වදින රෝද පුටු ධාවකයෙක්.

1980 දශකයේ අගභාගය සහ 1990 දශකයේ මුල් භාග‍ය ආශ්‍රිතව රටවල් කිහිපයක් සහ සංවිධාන කිහිපයක් ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා වූ තරඟ සාමාන්‍ය ක්‍රීඩා තරඟ පද්ධතිය තුළට ඇතුළත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම ආරම්භ කළහ. මෙම ක්‍රියාවලිය ඔස්සේ ඔලිම්පික් තරඟාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන තරඟාවලි තුළට ආබාධ සහිත වූවන් සඳහා වන ඉසව් ඇතුළත් කිරීමත් ආබාධ සහිත ක්‍රීඩකයන්ට සාමාන්‍ය ක්‍රීඩා සංවිධාන සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබා දීමත් අරමුණු කෙරුණි. 1984 පටන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැරා ඔලිම්පික් මලල ක්‍රීඩකයන් සම්බන්ධ වූ ප්‍රදර්ශන ඉසව් ඇතුළත් විය. කෙසේ නමුත් මේ වන තෙක් ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා ඔලිම්පික් පදක්කම් ප්‍රදානය කෙරෙන ඉසව් පැවැත්වීම සිදු වී නොමැත. මේ අනුව ඔලිම්පික් තරඟාවලිය තුළ ආබාධ සහිත ක්‍රීඩකයන්ගේ භූමිකාව අද වන විට ද විවාදයට තුඩු දුන් මාතෘකාවක් වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මුල් වරට ආබාධ සහිත ක්‍රීඩකයන් සඳහා ප්‍රදර්ශන තරඟ පැවැත්වීම ආරම්භ වූයේ 1994 වසරේ දී වේ. 2002 වසරේ දී මැන්චෙස්ටර්හි දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ආබාධ සහිත ක්‍රීඩකයන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම්වල පූර්ණ සාමාජිකයන් ලෙස සලකන ලද අතර ඒත් සමඟම පොදු රාජ්‍ය මණ්ඩලීය ලොව ප්‍රථම පූර්ණ අන්තර්ගතය සහිත බහු ක්‍රීඩා උළෙල බවට පත්විය. මෙම ක්‍රියාවලිය 2006 වසරේ මෙල්බර්න්හි දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ද ක්‍රියාත්මක වූ අතර එහි දී කැනේඩියානු කණ්ඩායම නියෝජනය කළ චැන්ටල් පැටික්ලර්ක් ආබාධිතයන් සඳහා වන ක්‍රීඩා ඉසව් සහ සාමාන්‍ය ක්‍රීඩා ඉසව් යන දෙවර්ගයම අන්තර්ගත වන ක්‍රීඩා තරඟාවලියක සමාරාම්භක උළෙලේ දී තම රට වෙනුවෙන් එහි ධජය ගෙන ගිය ප්‍රථම ආබාධ සහිත ක්‍රීඩකයා බවට පත් විය.