ආචර් කෙන්ට් බ්ලඩ් (මාර්තු 20, 1923 – සැප්තැම්බර් 3, 2004) යනු බංග්ලාදේශයෙහි සේවය කල ඇමරිකානු තානාපතිවරයෙකි. නැගෙනහිර පකිස්තානයෙහි ඩැකා නුවර සඳහා අවසාන ඇමරිකානු කොන්සල් ජෙනරාල්වරයා ලෙසින් ඔහු සේවය කලේය. ඔහු ප්‍රසිද්ධ වන්නේ බංග්ලාදේශ විමුක්ති යුද්ධයෙහිදී සිදු කල ක්‍රෑරකම් වලට විරෝධය පල කරමින් දැඩි බසින් බ්ලඩ් විදුලි පුවත යැවීම සම්බන්ධයෙනි.

චරිතාපදානය සංස්කරණය

ආචර් බ්ලඩ් උපන්නේ චිකාගෝ හිදීය. ලින්ච්බර්ග්, වර්ජීනියා හී උසස් ශාස්ත්‍රාලයෙන් ද්විතීයික අධ්‍යාපනය අවසන් කල ඔහු 1943දී වර්ජීනියා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලද්දේය. 1963දී ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දෙවන උපාධියක් ඔහු ලද්දේය. දෙවන ලෝක යුද්ධයේදී ඔහු එජ නාවුක හමුදාවේ සේවයෙහි යෙදුනේ උතුරු ශාන්තිකර සේනාංකය සඳහාය. 1947 දී ඔහු විදේශ සේවයට බැඳුනේය. 1970දී නැගෙනහිර පකිස්තානයේ, ඩැකා හී එජ කොන්සල් ජෙනරාල් වරයා ලෙසින් සේවය භාරගැනීමට බ්ලඩ් පැමිණියේය. ග්‍රීසියෙහි, ඇල්ජීරියාවෙහි, ජර්මනියෙහි, ඇෆ්ගනිස්තානයෙහි සේවය කර ඇති බ්ලඩ් අවසන් වරට සේවය කලේ ඉන්දියාවේ, නව දිල්ලියෙහි, එ.ජ. තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වශයෙන් වන අතර 1982දී සේවයෙන් විශ්‍රාම ගියේය.

1993 සිට ඔහු ජීවත් වූ කොලරාඩෝහී, ෆෝට් කොලින්ස් හිදී, 2004 සැප්තැම්බර් 3 දිනදී ආචර් බ්ලඩ් මිය ගියේ ධමනී දැඩිවීම නිසාවෙනි. . "විශ්‍රාම සුවයෙන් කොලරාඩෝහිදී දිවි ගෙවූ ආචර් කේ. බ්ලඩ් පසුගිය මාසයේදී මිය ගිය විට, ඔහුගේ පවුල, පැරණි මිතුරන් කිහිප දෙනෙක්, සහ සමස්ත ජාතියක් ඔහුගේ වියෝව ගැන ශෝක වූ නමුදු එසේ අති මහත් ශෝකයට පත්වූ ජාතිය ඔහුගේ ජාතිය නොවීය. එය බංග්ලාදේශය විය." [1] ඔහුගේ මරණය පිළිබඳ වාර්තා බංග්ලාදේශයේ පුවත්පත්හී සිරස් තල දැරූ අතර, ඇමරිකානු පුවත්පත් වල පසුපිටුවන්හී මරණ දැන්වීම් තීරුවල වාර්තාවීමට ඔහු පෙර පිනකින් වාසනා දැරීය. ෆෝට් කොලින්ස්හී පැවැති අවමංගල්‍යය සඳහා බංග්ලාදේශය දූත පිරිසක් යැවූ අතර බ්ලඩ් මහතාගේ වියෝව වෙනුවෙන් බොහෝ බංග්ලාදේශ ජාතිකයින් යැවූ සංදේශයන් බ්ලඩ් මහත්මිය විසින් ලදි. 1971 පැවැති ඇමරිකානු රාජ්‍ය දූත මෙහෙවරෙහි සදාචාරාත්මක හරස්කඩ නිරාවරණය කෙරුමට උපකාර වීම සඳහා එහි තීරු ලිපි තුල ආචර් බ්ලඩ් පිළිබඳ අභිනන්දනයක් ලියා පල කිරීමට වොෂිංටන් පෝස්ට් පියවර ගත්තේය.[2]

2005 මැයි මසදී පැවැති, පළමු බංග්ලාදේශ-ඇමරිකානු සම්මේලනයේදී බංග්ලාදේශ-ඇමරිකානු පදනම සංස්., (BAFI) විසින් ආචර් බ්ලඩ් වෙත මරණාපර ලෙසින් විශිෂ්ට සේවා ප්‍රදානයක් පිරිනමන ලදි.[3] 1970 දී සහ 1971 දී මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහුගේ භූමිකාව සඳහා සහ දැන් බංග්ලාදේශය වන භූමියෙහි පකිස්තානු හමුදාව විසින් වර්ගඝාතන මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ක්‍රියාත්මක වුනු එජ නිල ප්‍රතිපත්තියට එරෙහිව ඔහුගේ අභීත ස්ථාපනය වෙනුවෙන් බ්ලඩ් මහතා මෙම ප්‍රදානය ලැබීය. ඔහුගේ පවුල වෙනුවෙන්, ඔහුගේ පුතු පීටර් බ්ලබ් විසින් ප්‍රදානය භාර ගන්නා ලදි. . මෙයින් අනතුරුව, 2005 දෙසැම්බර් 13 දිනදී, ඩැකාහී එ. ජ. තානාපති කාර්යාල, ඇමරිකානු මධ්‍යස්ථාන පුස්තකාලය, ආචර් කේ. බ්ලඩ් සිහිවනු පිණිස නම් කෙරිණි. ආරම්භක උත්සවය සඳහා චාජි ඩෆෙයාර්, ජුඩිත් චාමාස්, මාග්‍රට් බ්ලඩ් මහත්මිය සහ ඇයගේ දරුවන් දෙදෙන, ෂිරීන් අප්ඩෙග්‍රෆ් සහ පීටර් බ්ලඩ් සහභාගී වූහ.

බ්ලඩ් විදුලි පුවත සංස්කරණය

 

විදේශ සේවා නිලධාරින් විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඩිසෙන්ට් චැනල්[4] ඔස්සේ එවන ලද ඉතාමත් දැඩි බසැති පණිවුඩ අතුරින් එකක් ලෙස බ්ලඩ් විදුලි පුවත (අප්‍රේල් 6, 1971) සැලකෙයි. [5] එය ඇමරිකානුවන් 29 දෙනෙකු විසින් අත්සන් කෙරිණි. විදුලි පුවතෙහි සඳහන් වූයෙහි සිංහල පරිවර්තනය මෙයයි:

ප්‍රජාතන්ත්‍රවාදය මැඩලීම පිළිබඳ විරෝධය පෑමට අපගේ රජය අසමත් විය. සිදුවූ ක්‍රෑරකම් පිළිබඳ විරෝධය පෑමට අපගේ රජය අසමත් වී ඇත. එහි පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා දැඩි පියවර ගැනීමට අසමත් වී ඇති අතර එවිටම බටහිර පකිස් [තාන] බලපැවැත්ම යටතේ පැවති රජය සතුටු කිරීම සඳහා ආපස්සට ආවැඩීමට හා ඔවුන්ට විරුද්ධව යෝග්‍ය පරිද්දෙන් පැවතිය යුතුව තිබුණු සෘණ ජාත්‍යන්තර මහජන සම්බන්ධතා ගැටුම ලිහිල් කිරීමට අපගේ රජය යත්න දරා ඇත. අපගේ රජය සදාචාරාත්මක බංකොලොත්භාවය වෙතට පත්ව ඇති බවට බොහෝ දෙනා සාක්ෂ්‍ය දරනු ඇත ,(...) එහෙත්, සදාචාරාත්මක ලෙසින් හෝ, මැදිහත්නොවීමට අප තීරණය කලේ, අවාසනාත්මක ලෙසින් අධිතේරුමක් සහිත වර්ගඝාතය යන පදය අදාල වන්නාවූ, අවාමි අරගලය, ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර ප්‍රශ්නයක්ය යන පදනමෙහි පිහිටමිනි. පුද්ගලික ඇමරිකානුවෝ කලකිරීම ප්‍රකාශ කලහ. අපි, වෘත්තිමය සිවිල් සේවකයන් ලෙසින්, වත්මන් ප්‍රතිපත්තිය හා සමග අපගේ විසම්මුතිය පල කර සිටිමින් උද්‍යෝගීමත්ව බලාපොරොත්තු වන්නේ මෙහි අපගේ සැබෑ හා නිත්‍ය අභිරුචියන් හඳුනාගෙන අපගේ ප්‍රතිපත්තීන් නියම මග වෙත යළියොමු කර ගත හැකි වේවා යන්නයි.



(එ.ජ. තානාපති කාර්යාලය (ඩැකා) කේබල පණිඩුඩය, නැගෙනහිර පකිස්තානය වෙත එ. ජ. ප්‍රතිපත්තිය වෙතින් විසම්මුතිය, අප්‍රේල් 6, 1971, රහස්‍ය, 5 පිටු. රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි අත්සන්ද අඩංගු වෙයි. මූලාශ්‍රය: RG 59, SN 70-73 Pol and Def. From: Pol Pak-U.S. To: Pol 17-1 Pak-U.S. Box 2535;)[6]

පෙරදී යැවුනු විදුලි පුවතක (මාර්තු 27, 1971), "සිලෙක්ටිව් ජෙනසයිඩ්" (සිංහල: "වරණීය වර්ගඝාතය") යන මාතෘකාව යටතේ ඩැකාහී ඇමරිකානු නිරික්ෂණ පිළිබඳ බ්ලඩ් මෙසේ ලිවීය:

1. මෙහි ඩැකාහී පකිස්[තානි] හමුදාව විසින් දියත් කර ඇති භීෂණ යුගය පිළිබඳ අපි භීතියට පත් හා මුනිවත රකින සාක්ෂ්‍යකරුවො වෙමුහ. යුද්ධ නීති පරිපාලක බලධාරීන් සතුව අවාමි ලීග් ආධාරකරුවන්ගේ ලැයිස්තුවක් ඇති බවට තොරතුරු ගොඩ නැගෙමින් පවතින අතර මෙම ආධාරකරුවන්ගේ නිවෙස් වලින් ඩැහැ ගෙන විත් වෙඩි තබා ඝාතනය කිරීමෙන් ඔවුන් විධිමත් ලෙසින් තුරල් කරමින් පවතියි


2. නැසුම සඳහා සලකුණු කොට ඇතිවුන් අතර අවාමි ලීග් ධූරාවලියේ සාමාජිකයන්ට අමතරව ශිෂ්‍ය නායකයන් හා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයෝද වෙති. මෙහි දෙවන ගණය අතුරින් දර්ශන විද්‍යා අධ්‍යයනාංශයෙහි ප්‍රධානි ෆස්ලුර් රහමාන් සහ ඉතිහාස අධ්‍යයනාංශයෙහි ප්‍රධානි හා හින්දු ජාතිකයෙකු වූ එම්. ඇබඩීන් ඝාතනය කර ඇත. දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයෙහි රසාක් මහතා මරණයට පත්ව ඇතැයි රාවයක් පවතියි. ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වූවන්ගෙන් බහුතරයද ප්‍රසසා වරුන් කිහිප දෙනෙක්ද මෙම ලැයිස්තුවෙහි සිටිති.


3. තවදුරටත්, පකිස්[තානි] සන්නද්ධ හමුදාවෙහි සහය සහිතව, බෙංගාලි-නොවන මුස්ලිම්වරුන් විසින් විධිමත් ලෙසින් දුගී ජනයාගේ නිවෙස් වෙත ප්‍රහාර එල්ල කරමින් හා බෙංගාලිවරුන් හා හින්දුවරුන් ඝාතනය කරමින් පවතියි.


(එ.ජ. තානාපති කාර්යාලය (ඩැකා) කේබල පණිඩුඩය, වරණීය වර්ගඝාතය, මාර්තු 27, 1971)[7]

බ්ලඩ් සඳහා ඩැකා හී තවද මාස 18 ක කාලයක සේවා න්‍යාය පත්‍රයක් නියමිතව තිබුනද, ජනාධිපති රිචඩ් එම්. නික්සන් සහ රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් විසින් ඔහු සේවයෙන් නිදහස් කොට යළි කැඳවන ලද්දේ චීනය වෙත තානාපති සම්බන්ධකම් විවෘත කර ගැනීමටද සෝවියට් සංගමයේ බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමටද බටහිර පකිස්තානය භාවිතා කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තුවන්ට ඔහුගේ විරුද්ධත්වය හරස් වුනු නිසාවෙනි.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

තවදුරටත් කියවීම් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආචර්_බ්ලඩ්&oldid=603604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි