18 වන සියවසේ ලියවුන මෙම කෘතියේ කතුවරයා නාවින්නේ ධම්මදස්සී හිමි ය. මෙහි අනුරපුරයුගයේ ඉතිහාස තොරතුරු ඇතුළත් වෙයි. වළගම්බා රජ දවස ථූපාරාමය යේ වැඩසිටි කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ මහාවිහාරයේ භික්ෂූන් වහන්සේලා ද එකතුව ලෝවාමහාපාය ට රැස්ව ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීමට තීරණය කළ බව කියවේ. තවද කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේගේ පරපුරෙන් අස්ගිරි විහාරය ඇරඹුණු බව ද අස්ගිරි තල්පතෙන් කියවේ.

"https://si.wikipedia.org/w/index.php?title=අස්ගිරි_තල්පත&oldid=346883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි