අර්නස්ට් ග්ලෙනර් ලෝකයේ ඉතා බුද්ධිමත් යැයි සැළකෙන දර්ශනවාදියෙක් මෙන්ම මානව විද්‍යාඥයෙකි. අධි හේතුවාදියෙකි. ඔහුගේ පළමු පොත වූයේ "වචන සහ දේවල්” (Words and Things) නම් ග්‍රන්ථයයි. එම ග්‍රන්තය 1958 පාඨකයින් අතර කෙතරම් ප්‍රසිද්ධ වීද යත්, ටයිම්ස් (Times) සඟරාවේ ප්‍රධාන පුවතක් මේ පිළිබඳව පළවිය. එමෙන්ම මාසයක් පුරාම පාඨක ප්‍රතිචාර ලිපිවලට මුල් විය.

අර්නස්ට් ග්ලෙනර්
නම අර්නස්ට් ග්ලෙනර්
උපත 1925 දෙසැම්බර් 9 (පැරීසිය, ප්‍රංශය)
මරණය 1995 සැප්තැම්බර් 5 ( ප්‍රේග් චෙක් රාජධානිය)
පළකළ මතවාද අධි හේතුවාදය, සමාජ විද්‍යාව
මූලික විෂයයන් දේශපාලන දර්ශනවාදය, විද්‍යාවේ දර්ශනවාදය, මානව විද්‍යාව, ජාතිකවාදය
ගුරුකොට සැළකූ අය මැක්ස් වෙබර්, බර්ටුන්ඩ් රසල්, කාල් පොපර්, ඊබන් කාල්ඩුන්, බ්‍රොනිස්ලොව්මලි, මලනොව්ස්කි, ඩේවිඩ් හියුම්, එවන්ස් පිර්චර්ඩ්, රේමන්ඩ් එරන්, ජැක් ගුඩ්
අනුගාමිකයින් ජෝස් මර්ස්වයර්, ඇලන් මැක්ෆාර්ලේන්, ඇඩම් කූපර්, එඩ්මන්ඩ් ලීච්, මයිකල් ලෙස්නොෆ්, ජෝසප් අගාසි, ඉයන් ජාර්වි, රේමන්ඩ් එරන්, මිකායල් කෘතොව්, ඇන්තනි ස්මිත්

වසර 22 ක් පුරා ලන්ඩන් ආර්ථීක විද්‍යාලයේ දර්ශනවේදය, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව මහාචාර්ය ධූරය දරමින්ද, වසර 10 ක් පුරා කේම්බිජ් විශ්වවිද්‍යාලයේ සමාජ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය දරමින්ද, ප්‍රේග් හි ජාතිකවාදය පිළිබඳව වූ ආයතනයේ මුලසුන දරමින්ද ග්ලෙනර් ඔහුගේ ලේඛනය හා ඉගැන්වීම් හරහා සංවෘත පද්ධති (සමාජවාදය, මනෝ අධීක්ෂණය, සාපේක්ෂතාවාදය සහ විවෘත ආර්ථීකය) වලට එරෙහිව සටන් වැදුණේය.

ඩේවිඩ් ග්ලාස් නම් සමාජ විද්‍යාඥයා වරක් සඳහන් කළේ මෙසේය, "මීළඟ විප්ලවය වාමාංශිකයින් විසින් හෝ දක්ෂිණාංශිකයන් විසින් ඇති කරනු ලබන්නේදැයි මම නොදනිමි. නමුත් මේ කවරකු වුවත් මුලින්ම මරා දමනු ඇත්තේ අර්නස්ට් ග්ලෙනර්වය".

සටහන් සංස්කරණය

Ernest_Gellner
"https://si.wikipedia.org/w/index.php?title=අර්නස්ට්_ග්ලෙනර්&oldid=549392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි