අරමුදල් ගිණුම් තැබීම

අරමුදල් ගිණුම් තැබීම යනු ලාභ ඉපයීමට වඩා ගිණුම් කිරීමේ වගකීම තහවුරු කිරිමේ අරමුණින් පොදු අරමුණැති(ලාභ අරමුණු නොවන) ව්‍යාපාර හා රජය විසින් යොදා ගනු ලබන ගිණුම්කරණ පද්ධති වේ. [1]
අරමුදල් ගිණුම්කරණය යන වචනය ආයෝජන ගිණුම්කරණය, ආයෝජන කළඹ ගිණුම්කරණය, සුරකුම්පත් ගිණුම්කරණයේදි යොදාගන්නා අතර මෙම සියලු අරුත් දෙන පද විස්තර වන්නේ ගිණුම්කරණ ක්‍රියාවලියේ එන ආයෝජන කළඹ තුලදි සුරැකුම්පත්,පාරිභෝගික භාණ්ඩ හා නියම තත්වය පෙන්නුම් කරන ආයෝජන අරමුදලේ අනෝන්‍ය අරමුදල වැනි අවස්ථා තුලය.[2][3] කෙසේදයත් ආයෝජන ගිණුම්කරණය යනු විවිධාකාර පද්ධතියකි, මෙය රජය හා ලාභ අරමුණු නොවන ව්‍යාපාර සඳහා අදාළ නොවේ.

NC state treasurer's office
එන් සී භාණ්ඩාගාරික කර්‍යාලය, 1890

දල විශ්ලේෂණය සංස්කරණය

රජය හා ලාභ අරමුණු නොවන ව්‍යාපාර සඳහා විශේෂ අවශ්‍යතාවයක් මත මූල්‍ය ප්‍රකාශන හා වාර්තා පෙන්නුම් කිරීම සිදු කරන්නේ කොපමණ ලාභ ඉපැයුවාද යන්නට වඩා මුදල් වියදම් කල ආකාරය සොයා ගැනීම පිණිසයි. ලාභ අරමුණු ව්‍යාපාර මෙන් නොව මෙම ආයතන තනි ස්වයං තුලන ගිණුම් කට්ටලයක් පවත්වාගෙන යයි. ලාභ අරමුණු නොවන ව්‍යාපාර මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතාවයන් මත පොදු ලෙජර එකකට වඩා සාදනු ලබයි.[4] කිසියම් ආයතනයක ගණකාධිකාරීවරයෙකුට යම් ව්‍යපාරයක තනි පුද්ගල අරමුදල් සඳහා වියදම් හා ආදායම් දක්වන ලද වාර්තා සැකසීමේ හැකියාවක් පැවතිය යුතු අතර එම වාර්තා මගින් ව්‍යාපාරයේ අරමුදල් හරහා සිදුවන මූල්‍ය ක්‍රියාකාරකම් සාරංශගත කීරීමට හැකිවිය යුතුය.[5][6]
උදාහරණයක් ලෙස පාසල් පද්ධති සඳහා නව විශේෂ අධ්‍යාපන මුලපිරීම් වලට සහය දැක්වීමට රජයෙන් ලැබෙන දීමනාව,පාසල් දිවා ආහාර වැඩසටහන සඳහා ෆෙඩරල් සංවිධානය මගින් ලැබෙන දීමනාව ගවේශන ව්‍යාපෘති වල වැඩකරනු ලබන ගුරුවරු සඳහා වර්ෂික දීමනවක් ලෙස ප්‍රදානය කරයි. වරින් වර පාසල් පද්ධති මගින් විශේෂ අධ්‍යාපන වැඩසටහන ගැන රජයට වාර්තාවක්ද පාසල් දිවා ආහාර වැඩසටහන ගැන ෆෙඩරල් සංවිධානයට වාර්තාවක්ද ගවේශන වැඩසටහන ගැන තවත් අධිකාරියකට වාර්තාවක් නිකුත් කරයි. මෙම එක් එක් වැඩසටහන් සඳහා විශේෂිත වාර්තාකරණ අවශ්‍යතා පවතින බැවින් පාසල් පද්ධති වල වෙන වෙනම අදාල ආදායම් හා වියදම් හදුනා ගැනීමට ක්‍රමයක් අවශ්‍ය වේ.සමහර ගිණුම්කරණ මෘදුකාංගවල අරමුදල් ගිණුම් සෑදීමට මූලිකාංගයන් නොමැත. නමුත් අරමුදල් ගිණුම්කරණ මෘදුකාංග කුඩා හා මහා පරිමාණ ව්‍යාපාර වල යොදාගන්නා අතර නොමිලේ ඇති,අඩු වියදම් පිටපත් වේ. [7]

රාජ්‍ය හා ප්‍රාදේශීය සභාවල අරමුදල් සංස්කරණය

රාජ්‍ය හා ප්‍රාදේශීය සභාවල අරමුදල් මූලික ලෙස අරමුදල් වර්ග තුනක් පවත්වාගෙන යයි:රජයේ අරමුදල්, හිමිකාර අරමුදල් , භාරකාර අරමුදල්[1][6]
රජයේ අරමුදල් වල පහත ඒවා අඩංගු වේ.[8][9]

  • පොදු අරමුදල්.මෙම අරමුදල් පොදු ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා අතර අමතර අරමුදල් වලට අවශ්‍ය නොවේ.
  • විශේෂ ආදායම් අරමුදල් වල අවශ්‍යතාවය වන්නේ සුවිශේෂී අරමුණු සඳහා නීති රීති වලට අනුව විශේෂයෙන් සංලක්ෂිත වූ ආදායම් ගිණුම් ගත කිරීමටයි. රජයේ හා ෆෙඩරල් ඉන්ධන බදු ආදායම් සඳහා විශේෂ ආදායම් අරමුදල් අවශ්‍ය වේ. එයට හේතුව රජය හා ෆෙඩරල් නීති වලට අනුව ප්‍රවාහන භාවිතය සඳහා බදු අයකිරීමට බාධා කිරීමයි.
  • ප්‍රාග්ධන ව්‍යාපෘති අරමුදල් යොදාගන්නේ ඉදිකිරීම් හා ස්ථාවර වත්කම්[10] වන ගොඩනැගිලි, උපකරණ හා මහාමාර්ග මිලදී ගැනීම් ගිණුම් ගත කිරීම සඳහාය.ස්ථාවර වත්කම් භාවිතය මත විශේෂ ආදායම් අරමුදල් හෝ හිමිකාර අරමුදල් වලට ගිණුම් ගත කරයි.ප්‍රාග්ධන ව්‍යාපෘති අරමුදල් පවතින්නේ ව්‍යාපෘතිය අවසන් වන දිනය දක්වා පමණී. [11]
  • ණය සේවා අරමුදල් යොදාගන්නේ දිගු කාලීන ණය සඳහා පොළී මුදල් ගිණුම් ගත කිරීම සඳහාය. බැදුම්කර රජය මගින් යොදා ගන්නේ විශාල ඉදිකිරීම් කටයුතු වල මුදල් කටයුතු පාලනය සඳහාය. වර්ෂ ගණනක් ගෙවිය යුතු බදු සටහන් කිරීම හා ඔවුන්ට නැවත ගෙවීම ගිණුම් කිරීමට ණය සේවා අරමුදල් අවශ්‍ය වේ.[12]
  • විශේෂ තක්සේරු අරමුදල් යොදාගන්නේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් පාලනය ගිණුම් ගත කිරීමටය. අඩි පාරවල් හා පටු මාර්ග ප්‍රතිසංස්කරණය බොහෝ විට අදාල වන්නේ විශේෂ තක්සේරු වලටයි.

හිමිකම් අරමුදල් වල පහත ඒවා අඩංගු වේ.[8]

  • අභ්‍යන්තර සේවා අරමුදල් යොදාගන්නේ මෙහෙයුම් සේවා අමතර අරමුදල් හෝ රජයේ දෙපාර්තමේන්තුවක පිරිවැය ප්‍රතිපූර්ණය සඳහාය.අභ්‍යන්තර සේවා අරමුදල් භාවිතයේ සුදුසු උදහරණයක් ලෙස මුද්‍රණ වෙළදසැලක් කාර්යාලය ලබා ගන්නා පොත් හෝ පත්‍රිකා සඳහා ඇණවුමක ආදායම නොසලකා පිරිවැය ප්‍රතිපූර්ණය කිරීම දැක්විය හැක. [13]
  • ව්‍යවසාය අරමුදල් යොදාගන්නේ පාවිච්චි කරන්නන්ගේ අයකිරීම් මත මහජනතාවට සේවා සැපයීමේ අරමුණිනි.[14] මෙය වානිජ්‍ය ව්‍යවසාය මෙහෙයුම් වලට සමාන වන අතර ජලය හා කැළිකසල උපයෝගිතාව රාජ්‍යය ව්‍යවසායන් සඳහා පොදු නිදසුන් වේ. [15]

භාරකාර අරමුදල් යොදාගන්නේ රාජ්‍ය විශ්වාසය යටතේ තනි පුද්ගල හෝ ආයතනවල ප්‍රතිලාභ පිණිස ඔවුන්ගේ වත්කම් පිලිබඳ ගිණුම් තැබීමටයි.[16] භාරකාර අරමුදල් සඳහා උදාහරණයක් ලෙස මේරිලන්ඩ් රජය විසින් සේවකයන්ට විශ්‍රාම ගැනීමේදී [17] ප්‍රතිලාභ සැපයීමට ඇති විශ්‍රාම අරමුදල සැළකිය හැක

ස්ථාවර වත්කම් හා දිගුකාලීන ණය සංස්කරණය

රාජ්‍ය හා ප්‍රාදේශීය සභාවල අමතර ස්වයං තුලන ගිණුම් වර්ග දෙකක් පවත්වාගෙන යන අතර මේවා අරමුදල් ලෙස නොසලකයි. ඒවානම් පොදු ස්ථාවර වත්කම් හා පොදු දිගුකාලීන ණය වේ. මෙම වත්කම් හා වගකීම් විශේෂිත අරමුදලක් ලෙසට වඩා රජයේ සම්පූර්ණ මුළු ඒකකයක් ලෙස දැක්විය හැක.[18] එසේවුවත් පොදු ස්ථාවර වත්කම් රජයේ සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශනවල කොටසක් ලෙස අඩංගු වන අතර රජයේ අරමුදල් ප්‍රකාශන වල වාර්තා නොවේ. එසේවුවත් පොදු ස්ථාවර වත්කම් රජයේ සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශනවල කොටසක් ලෙස අඩංගු වන අතර රජයේ අරමුදල් ප්‍රකාශන වල වාර්තා නොවේ.[19]

ගිණුම්කරණ පදනම සංස්කරණය

බොහෝ ව්‍යාපාර වල උපචිත ගිණුම්කරණ පදනම මත ආදායම දක්වන්නේ එය ඉපැයීමෙන් පසුව වන අතර වියදම දක්වන්නේ එයට අදාල ප්‍රතිලාභ ලැබීමෙන් අනතුරුවය. ආදායම් ඇත්තටම ලැබෙන්නේ පසු කාලයකදී වන අතර වියදම් කලින් හෝ පසුව ගෙවනු ලබයි. (ගිණුම්කරණයේ මුදල් පදනම කුඩා ව්‍යාපාර යොදාගනී.ආදයම ලැබූ පසුවද වියදම ගෙවූ විටද දක්වනු ලබයි.)

රජයේ අරමුදල් ලාභය පිලිබඳ නොසලකන අතර විකරණය වූ උපචිත පදනම යොදාගනී. මෙහිදී ආදායම් හඳුනාගනු ලබන්නේ එය උපයා ගත යුතු දෙයක් ලෙසට වඩා ලැබිය යුතු හා මැනිය යුතු දෙයක් යන දෙයාකාරයෙනි. විකරණය වූ උපචිත පදනම මත වියදම් දක්වනු ලබන්නේ එයට අදාල වගකීම හඳුනා ගැනීමෙනී.[20][21]

හිමිකාර අරමුදල් කටයුතුද උපචිත පදනම මත සිදුකරන අතර රජයේ ගණකාධිකාරිවරු සමහර අවස්ථාවලදී විකරණය වූ උපචිත පදනමේ එන සම්පූර්ණ උපචිත පදනම ලෙස එය දක්වයි. [22]

යම් විශේෂ අරමුදලක අවශ්‍යතාවය මත ගිණුම්කරණ පදනම භාරකර අරමුදල් සැකසීමට යොදාගනී. යම් ව්‍යාපාරයක විශ්වාසනීයත්වය රැඳිය යුතු මෙහෙයුම් පවතී නම් උපචිත පදනම අරමුදලේ ලාභය පෙන්නුම් කිරීමට සුදුසු වේ.[23]

මූල්‍ය වාර්තාකරණය සංස්කරණය

රජයේ හා ප්‍රාදේශීය සභාවල අරමුදල් වාර්ෂික මෙහෙයුම් වල ප්‍රතිඵල වාර්තා දක්වන්නේ විස්තර සහිත පුළුල් වාර්ෂික මූල්‍ය වාර්තාව comprehensive annual financial report(CAFR) මගිනි.එය ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන වලට සමාන වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රමිති මණ්ඩලය Governmental Accounting Standards Board මගින් පුළුල් වාර්ෂික මූල්‍ය වාර්තාව සඳහා ප්‍රමිති සකස් කරනු ලැබේ.[6] රජය ලාභ හා අලාභ යන පදය තම මෙහෙයුම් වල මුළු ප්‍රතිඵල විස්තර කිරීමට යොදා නොගනී.රජය ලාභ සෑදීම අරමුණු කර නොගන්නා බැවින් විශේෂ අතිරික්තයක් බදු කප්පාදු කිරීම් හෝ වියදම් අඩුකිරීම තුලින් සිදුවිය හැකිය. ඌනයක් දැකිය හැකි වන්නේ වියදම් වැඩි කිරීම් හෝ ණයට ගැනීම් මගිනි. කල්පිතයක් ලෙස ඌනයක හෝ අතිරික්තයක අගය කුඩා විය යුතුය.[6][24][25]

ෆෙඩරල් රජයේ අරමුදල සංස්කරණය

ෆෙඩරල් රජය ගිණුම්කරන කටයුතු සඳහා අරමුදල් කණ්ඩායම් දෙකක් යොදගනී:ෆෙඩරල් අරමුදල් කණ්ඩායම හා විශ්වාස අරමුදල් කණ්ඩායම [26]

ෆෙඩරල් අරමුදල් කණ්ඩායම සංස්කරණය

  • පොදු අරමුදල නීත්‍යානුකූලව එක් පොදු අරමුදලක් පවතින අතර එය එක්සත් ජනපද භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුව United States Treasury Department මගින් පාලනය කරයි.කෙසේ වුවත් එක් එක් ෆෙඩරල් ආයතන ස්වයං තුලන ගිණුම් පවත්වාගෙන යයි.පොදු අරමුදල වෙනත් අරමුදලක ගිණුම්ගත නොකරන ආදායම් හා වියදම් දක්වයි.[27]
  • විශේෂ අරමුදල විශේෂ ආදායම් අරමුදලට සමාන වන අතර රජයේ හා ප්‍රාදේශීය සභාවල විශේෂ අරමුණු සඳහා භාවිතා කරයි. [28]
  • ආවර්ත අරමුදල හිමිකාර අරමුදලට සමාන වන අතර රජයේ හා ප්‍රාදේශීය සභාවල ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා යොදා ගනී. ආවර්ත පදය යන්න චක්‍රයක් ලෙස වෙමින් පවතින ක්‍රියාකාරකමක් දක්වයි. ෆෙඩරල් අරමුදල් කණ්ඩායම තුල ආවර්ත අරමුදල් වර්ග දෙකක් පවතී: පොදු ව්‍යාපාර අරමුදල හා අභ්‍යන්තර ආණ්ඩුව පිලිබඳ ආවර්ත අරමුදල වේ. [29]
    • පොදු ව්‍යාපාර අරමුදල ව්‍යාපාර අරමුදලට සමාන වන අතර රජයේ හා ප්‍රාදේශීය සභාවල මහ ජනයා සමඟ ප්‍රාථමිකව සිදුවන ක්‍රියාකාරකම් වලදී යොදාගනී. උදාහරණයක් ලෙස තැපැල් සේවා අරමුදල දැක්විය හැක. [28] The Postal Service[30]
    • අභ්‍යන්තර ආණ්ඩුව පිලිබඳ ආවර්ත අරමුදල අභ්‍යන්තර සේවා අරමුදලට සමාන වන අතර රජයේ හා ප්‍රාදේශීය සභාවල සිදුවන ෆෙඩරල් රජයට අයත් ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා යොදා ගනී. [28]

විශ්වාසනීය අරමුදල සංස්කරණය

  • විශ්වාසනීය අරමුදල විශේෂයෙන් සංලක්ෂිත වූ වැඩසටහන් හා අරමුණු වලට අනුව ව්‍යවස්ථාව නියම කරනු ලබන විශ්වාසනීය අරමුදලක් ලෙස සැලකේ. මෙය විශේෂ අරමුදලකට වඩා විශ්වාසනීය අරමුදලක් ලෙස ව්‍යවස්ථාවේ දැක්වේ. උදාහරණයක් ලෙස හයිවේ අරමුදල Highway Trust Fund දැක්වේ.[31]
  • විශ්වාසනීය ආවර්ත අරමුදල විශ්වාසනීය අරමුදල් ගණයට අයත් වේ. නැතහොත් පොදු ව්‍යාපාර ආවර්ත අරමුදලට අයත් වේ.[31]
  • තැන්පතු අරමුදල නියෝජිත අරමුදලට සමාන වන අතර රජයේ හා ප්‍රාදේශීය සභාවල තාවකාලිකව තබාගන්නා තනි පුද්ගල හා අනෙකුත් ආයතන වල වත්කම් දැක්වීමට යොදා ගනී.තැන්පතු අරමුදලට උදාහරණයක් ලෙස ෆෙඩරල් රජයේ සේවක ගෙවීම් රජයේ ආදායම් බදු යටතේ තිබුනද එය රජයට නොගෙවනු ලබයි. [32]

ගිණුම්කරණ පදනම හා මූල්‍ය වාර්තාකරණය සංස්කරණය

එක්සත් ජනපද රජය අරමුදල් ගිණුම්කරණයේදී උපචිත පදනම යොදා ගනී.සම්පිණ්ඩිත වාර්ෂික මූල්‍ය වාර්තාව සඳහා දර්ශක දෙකක් මූල්‍ය ස්වස්ථතාව මැනීමට යොදාගනී: ඒකක අයවැය ඌනය(අතිරික්තය ) හා මුළු මෙහෙයුම් පිරිවැය(ආදායම ).[33]

ඒකක අයවැය ඌනය මුදල් පදනම මත මැනිය හැකි අතර මෙය චෙක්පොත ඉතිරියට සමාන වේ. මෙම දර්ශකය දිගු කාලීන ප්‍රතිඵල නොසලකන අතර මාධ්‍ය මගින් කලින් වාර්තාකරණය කරන ලද අයවැය පිලිබඳ සලකා බලයි. ඒකක අයවැය ඌනය හැර ෆෙඩරල් රජයේ මූල්‍ය වාර්තාව උපචිත පදනම මත සකස් කරයි.[33]

මුළු මෙහෙයුම් පිරිවැය(ආදායම ) උපචිත පදනම මත "Statements of Operations and Changes in Net Position" වාර්තාවේදි ආදායම් හා වියදම් සංසන්දනය කර ගණනය කරයි. මෙම දර්ශකය දිගු කාලීන ප්‍රතිඵල නොසලකන අතර මාධ්‍ය මගින් කලින් වාර්තාකරණය කරන ලද අයවැය පිලිබඳ සලකා බලයි.

ලාභ අරමුණු නොවන සංවිධාන සංස්කරණය

ලාභ අරමුණු නොවන සංවිධාන පහත පරිදි කොටස් පහකට දැක්විය හැක .[34]

  • ජංගම අරමුදල -බාධාවක් නොමැත . ව්‍යාපාරයේ පාලන මණ්ඩලයේ අභිමතය පරිදි ජංගම වත්කම් ගිණුම්ගත කිරීමට මෙම අරමුදල යොදා ගනී.
  • ජංගම අරමුදල් -බාධාවක් ඇත පරිත්‍යාග කරුවන් හා දීමනාකරුවන් මෙම ජංගම වත්කම් ගිණුම්ගත කිරීමට බාධා කරයි.
  • භූමි, ගොඩනැගිලි, උපකරණ අරමුදල. වත්කම් ලබාගැනීමේදී හා ඒවාට සම්බන්ධ වගකීම් ඉටුකිරීමේදි වැයවන මුදල් හා ආයෝජන සටහන් කිරීමට මෙම අරමුදල යොදා ගනී.
  • පරිත්‍යාග අරමුදල ව්‍යාපාරයකට අවශ්‍ය පරිත්‍යාගවලප්‍රධාන අරමුදල් දැක්වීමට යොදාගනී. මෙය පරිත්‍යාගකරුවන්ගේ අනුමැතිය යටතේ නිත්‍ය හෝ විශේෂ අනාගත දිනයක් හෝ අවස්ථාවක් දක්වා පවත්වාගෙන යයි.
  • පාලක අරමුදල පරිත්‍යාගකරුවන්ගේ උපදෙස් මත වියදම් කිරීම හා තබාගැනීම සිදුකරයි.

ගිණුම් වාර්තා සහ ගිණුම්කරණ පදනම සංස්කරණය

ලාභ අරමුණු නොවන සංවිධාන වල වාර්ෂික ගිණුම් වාර්තා කිරීම සඳහා සම්පිණ්ඩිත මූල්‍ය වාර්තාකරණ ප්‍රකාශනය යොදා ගනී. එය රජයේ හා ප්‍රාදේශීය සභාවල යොදාගන්නා ට සමාන වන අතර කෙසේ වෙතත් ලාභ අරමුණු නොවන සංවිධාන උපචිත ගිණුම්කරණ පදනම යොදා ගනී.[35] ලාභ අරමුණු නොවන සංවිධාන වල පහත ඒවා අඩංගු වේ.

  • මූල්‍ය තත්ව ප්‍රකාශනය හෝ ශේෂ පත්‍රය. ව්‍යාපාරයක ශේෂ පත්‍රයට සමාන වන අතර ගිණුම්කරණ කාල පරිච්ජේදය අවසානයේදී පවතින වත්කම් හා ව්‍යාපාරය සතු ණය වගු ගත කරයි. [36]
  • ක්‍රියාවලි වාර්තාව or ' හා ආදායම්,වියදම් දක්වන වාර්තාව.මෙය ව්‍යාපාරයේ ලාභ අලාභ ගිණුමට සමාන වන අතර එය ලාභ හෝ අලාභ ලෙස නොව අතිරික්තය හෝ ඌනය යන්නෙන් දක්වයි. පොදු දේපලට අයත් වර්ෂය පුරාවට එක් එක් අරමුදලට අයත් ක්‍රියාකාරකම් දක්වයි.[37]
  • මූලික වියදම් වාර්තාව ව්‍යාපාරයක විවිධ ක්‍රියාවන් සඳහා ඒ හා බැඳුනු මූලික වියදම් පෙන්වීමට මෙය යොදා ගනී. මෙය ප්‍රධාන කොටස් දෙකකින් දැක්විය හැක. වැඩසටහන් සේවා සහ උපකාරක සේවා ලෙසිනි. වැඩසටහන් සේවා යනු ව්‍යාපාරයක පොදු අරමුණ හා බැඳි ක්‍රියාකාරකම් වේ. උපකාරක සේවා යනු අරමුදල් ආරම්භ කිරීමේ වියදම්, කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ කටයුතු වේ. [38]
  • මුදල් ප්‍රවාහ ගිණුම/ වාර්තාව ගිණුම්කරණ වර්ෂය පුරාවට මුදල් ව්‍යාපාරය තුලට හා පිටතට ගලා ගිය ආකාරය දක්වනු ලැබේ.[39]

ලාභ අරමුණු නොවන මූල්‍ය ප්‍රකාශන වල සම්මතයන් හදන්නේ Financial Accounting Standards Board.

පොදු දේපලට අයත් අරමුදල් ගිණුම්කරණය(කල්පිත උදාහරණය ) සංස්කරණය

පහත සරල උදාහරණයක් දැක්වේ.

ආරම්භක ගිණුම්ගත කිරීම සංස්කරණය

කිසියම් නගරයක් තුල නගර සභාවක පොදු දේපලට අයත් අයවැය[40] නගර සභා කාර්‍යලයේ නිමාන පොදු අරමුදල් ආදායම හිමිකම් බදු, රජයේ ප්‍රතිපාදන, නැවැත්වීම් දඩ හා අනෙකුත් මූලාශ්‍ර මගින් ඩොලර් මිලියන 35ක් පමණ වේ.මෙය ලෙජරය තුල නිමාන ආදායමට හර කරන අතර පොදු අරමුදල් ශේෂයට බැර කරයි.[41]

ලෙජර ගිණුම හර බැර
1 නිමාන ආදායම $35,000,000
පොදු අරමුදල් ශේෂය
$35,000,000

නගර සභාවේ අනුමැතිය මත පොදු අරමුදලෙන් මුදල් වෙන් කිරීම ඩොලර් මිලියන 34ක් වේ. අරමුදල් ශේෂ ගිණුම හර වන අතර මුදල් වෙන්කිරීමෙ ගිණුම වගකීමක් ලෙස බැර වේ.[41]

ලෙජර ගිණුම හර බැර
2 පොදු අරමුදල් ශේෂය $34,000,000
මුදල් වෙන්කිරීමෙ ගිණුම
$34,000,000

මුදල් වෙන් කිරීම පහත ගිණුම් වලට මෙසේ බෙදී යයි.[42]

ගිනි නිවන දෙපාර්තමේන්තුව $5,000,000
පොලිස් දෙපාර්තමේන්තුව $5,000,000
පාසල් $10,000,000
මහජන ක්‍රියා $6,000,000
ප්‍රවාහනය $4,000,000
කාර්යාල කටයුතු $4,000,000

මුදල් වෙකිරීමේ සංකීරණතාවය නගර සභා ක්‍රියාකාරකම් අනුව සිදුවේ.[43] සත්‍ය අවස්ථාවකදී මෙය ගනුදෙනු සියයක් පමණ විශාල සංඛායවක් අඩංගු වේ.

ආදායම් ගිණුම්ගත කිරීම සංස්කරණය

2009 ගිණුම්කරණ වර්ෂය තුලදී පුද්ගල ආදායම් බදු මුළු මුදල මිලියන 37ක් ලෙස තක්සේරු කරනු ලබයි. නගර සභාව පුද්ගලයන්ගෙන් එකතු නොවෙන මුදල් ප්‍රමාණය මිලියන 1ක් වශයෙන් තක්සේරු කර ඇත. ආදායම මිලියන 36ක් ලෙස දක්වයි. එයට හේතුව එම මුදල අදාල කාල පරාසය තුල මැනිය හැකි [20][21]හා පවතින මුදල් වන බැවිනි.

ලෙජර ගිණුම හර බැර
3 බදු ලැබීමේ ගිණුම $37,000,000
තක්සේරු කල එකතු නොවන බදු
$1,000,000
ආදායම්
$36,000,000

පඩි ගෙවීමේ වියදම් සංස්කරණය

මුළු ඩොලර් මිලියන 30ක සේවක පඩි ගෙවීම් තුල බදු, ප්‍රතිලාභ,වැටුප් ගෙවිය යුතු ප්‍රමාණ ඇතුලත් වේ. ගෙවිය යුතු බදු මුදල් වල කොටසක්, ලබන ගිණුම් කාල පරිච්ජේදයක ගෙවන අතර නමුත් විකරණය වූ උපචිත ගිණුම්කරණ අවශ්‍යතා මත වියදම්ද ඒ හා බැදුනු වගකීම් දක්වයි.[20][21]

ලෙජර ගිණුම හර බැර
4 වියදම් $30,000,000
වැටුප් ගෙවීම්
$20,000,000
බදු ගෙවීම්
$5,000,000
ප්‍රතිලාභ ගෙවීම්
$5,000,000

අමතර වියදම් සංස්කරණය

මාර්ග සංවර්ධන නඩත්තු කිරීම් වලට භාණ්ඩ හා සේවා සඳහා මහජන ක්‍රියා දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 1ක් වැයකරයි.[44]

ලෙජර ගිණුම හර බැර
5 වියදම් $1,000,000
වවුචර ගෙවීම්
$1,000,000

අවසන් ගිණුම්ගත කිරීම සංස්කරණය

ගිණුම්කරණ කාල පරිච්ජේදය තුල නියම ආදායම ඩොලර් මිලියන 36ක් වන අතර තක්සේරු කල ආදායම ඩොලර් මිලියන 35කි.[45]

ලෙජර ගිණුම හර බැර
6 ආදායම් $36,000,000
තක්සේරු කල ආදායම්
$35,000,000
අරමුදල් ශේෂය
$1,000,000

මාර්ග සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 34ක මුදල් වෙන්කිරීමෙන් ඩොලර් මිලියන 31ක් පමණක් වියදම් වුනි.ඉතිරි ඩොලර් මිලියන 3න වියදම් නොකල ආදායම් අරමුදලට බැර කරයි. [45]

ලෙජර ගිණුම හර බැර
7 මුදල් වෙන් කිරීම $34,000,000
වියදම්
$31,000,000
අරමුදල් ශේෂය
$3,000,000

ගිණුම්කරණ කාල පරිච්ජේදය අවසානයේදී මුදල් වෙන්කිරීම් කල් ඉකුත් වේ. පොදු අරමුදලේ එදිනට ඇති ශේෂය වියදම් නොකල ගණයට අයත් වේ.නව ගිණුම්කරණ කාල පරිච්ජේදයක් සඳහා අලුත් වෙන්කිරීමක් අවශ්‍ය වේ.ගිණුම්කරණ කාල පරිච්ජේදය අවසානයේදී භාණ්ඩ හා ඒවා වල වගකීම් තවමත් ලැබී නැත්නම් ඒවා වියදම් කල ඒවා ලෙස සලකන අතර ජංගම වෙන්කිරීම් යටතේ පසුව වියදමක් ලෙස සලකනු ලැබේ. [46]

මේවා බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 Leon E. Hay (1980). Accounting for Governmental and Nonprofit Entities, Sixth edition, page 5. Richard D. Irwin, Inc., Homewood, IL. ISBN 0-256-02329-8
  2. IFRS for Investment Funds Deloitte Development LLC (2008). See "Challenges and Opportunities for Investment Funds" on p. 3. Retrieved 2010-05-17
  3. Hedge Funds Accounting. සංරක්ෂණය කළ පිටපත 2018-06-13 at the Wayback Machine Green Trader Funds. Retrieved 2010-05-17
  4. "Profit versus Non-Profit Organizations" (PDF). UCSB Campus Information and Procedure Manual: Fund Accounting. University of California, Santa Barbara. 2004. p. IX. සම්ප්‍රවේශය 2011-03-28.
  5. Hay, p. 4-5, 9.
  6. 6.0 6.1 6.2 6.3 Jonas Elmerraji (June 1, 2007). "Investopedia: Cracking the Nonprofit Accounting Code". Forbes.com. සම්ප්‍රවේශය 2010-03-19.
  7. සංරක්ෂිත පිටපත, http://financialsoft.about.com/od/smallbusiness/tp/Low-Cost-Non-Profit-Accounting-Software.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-03-23 
  8. 8.0 8.1 Hay, p. 6
  9. "Touring the Financial Statements, Part III: The Governmental Funds" සංරක්ෂණය කළ පිටපත 2012-04-04 at the Wayback Machine Government Accounting Standards Board (November 2007). Retrieved 2010-03-17.
  10. Fixed assets are sometimes referred to as capital assets, a broader term than fixed assets.
  11. Earl Wilson, Jacqueline Reck, Susan Kattelas (2006). Accounting for Governmental & Nonprofit Entities, 14th edition. p. 163. McGraw-Hill. ISBN 0-07-310095-1.
  12. Hay, p. 164-165
  13. Hay, p. 232
  14. State of Maryland Comprehensive Annual Financial Report, FY 2009 සංරක්ෂණය කළ පිටපත 2011-03-18 at Archive-It See "Fund Financial Statements," p. 12-13
  15. Hay, p. 247
  16. Hay, p. 286
  17. Hay, p. 286
  18. Hay, p. 7
  19. State of Maryland Comprehensive Annual Financial Report, FY 2009 සංරක්ෂණය කළ පිටපත 2011-03-18 at Archive-It See "Government-wide Financial Statements," p. 11.
  20. 20.0 20.1 20.2 Hay, p. 8
  21. 21.0 21.1 21.2 State of Maryland Comprehensive Annual Financial Report, FY 2009 සංරක්ෂණය කළ පිටපත 2011-03-18 at Archive-It See "Basis of Accounting," p. 48.
  22. Accounts & Reports සංරක්ෂණය කළ පිටපත 2013-07-08 at the Wayback Machine. Kansas Department of Administration (October 28, 1998). See "Proprietary Funds." Retrieved 2010-03-19
  23. Hay, p. 292
  24. "Why governmental accounting and financial reporting is—and should be—different". Government Accounting Standards Board, official news release. March 16, 2006. 2010-11-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-03-21.
  25. Gerald R. Klatt. "What is the Comprehensive Annual Financial Report (CAFR)?". Property Rights Research. සම්ප්‍රවේශය 2011-03-21.
  26. OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Overview of fund types," p. 36. Office of Management of the Budget (2009).
  27. Hay, p. 476-477
  28. 28.0 28.1 28.2 OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Characteristics of Fund Types," p. 37-38. Office of Management of the Budget (2009).
  29. OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Revolving Fund," p. 8. Office of Management of the Budget (2009).
  30. OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Federal Funds," p. 39. Office of Management of the Budget (2009).
  31. 31.0 31.1 OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Trust funds," p. 39-40. Office of Management of the Budget (2009).
  32. OMB Circular A-11, Section 20 – "Terms and Concepts" සංරක්ෂණය කළ පිටපත 2010-07-24 at the Wayback Machine See "Deposit funds," p. 40. Office of Management of the Budget (2009).
  33. 33.0 33.1 "Understanding Similarities and Differences Between Accual and Cash Deficits" U.S. Government Accountability Office (December 1, 2006). Retrieved 2010-03-26
  34. Hay, p. 609-610
  35. Hay, p. 622
  36. Hay, p. 648-649
  37. Hay, p. 622, 642
  38. Hay, p. 622-625
  39. Consolidated Financial Statements, p. 5 The American National Red Cross, June 30, 2010. Retrieved 2011-03-21.
  40. In most jurisdictions, the budget is a legal document authorizing the government to incur debts, collect taxes and spend money. අනුමැතිය පහත දැක්වේ. 2009 ගිණුම්කරණ වර්ෂය පටන් ගන්නේ 2008 ජූලි පලමු දිනයෙනි. Hay, p. 20.
  41. 41.0 41.1 In the opening entries for a fiscal year, estimated revenues are recorded with a credit to the fund balance, while appropriations are recorded as a debit. Hay, p. 44.
  42. Subsidiary ledger details are used to provide an appropriate level of budgetary control over government spending. Hay p. 43.
  43. Hay, p. 687
  44. When goods or services are received, the amount to be paid is debited to the expenditure account and credited to a liability (payable) account. Hay, p. 63. Transactions involving purchase orders involve encumbrance accounting, requiring a more complex transaction than the simplified example shown here.
  45. 45.0 45.1 Closing entries for a government's funds are similar to those of a for-profit business. The totals recorded in revenues and appropriations are reversed with debits while expenditures and estimated revenues are reversed with credits. අරමුදල් ශේෂය ලෙස ඉතිරි ඩොලර් මිලියන 1ක බැර කරනු ලැබේ. Hay, p. 76-77.
  46. Hay, p. 20-21.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අරමුදල්_ගිණුම්_තැබීම&oldid=596606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි