අප්‍රිකානු ඇමෙරිකානු නැටුම්

අප්‍රිකානු ඇමෙරිකානු නැටුම් යනු ග්‍රාම්‍ය සම්ප්‍රදාය මුල්කොටගත් නැටුම් ශෛලියකි. සාමාන්‍ය නැටුම් පරිද්දෙන් නාට්‍ය ශාලා, රඟහල්, පාසැල් සහ ආයතනවලට පමණක් සීමා නොවී සාමාන්‍ය ජන සාමාජයේ රඟ දැක්විය හැකි පරිද්දෙන් මෙම නැටුම් නිර්මාණය වී ඇත. මෙහි මූලික පදනම ග්‍රාම්‍ය නැටුම් සම්ප්‍රදාය වුවත් මෙය සාම්ප්‍රදායික හා සංදර්ශනික නැටුම් අභාෂයන්ගේ එකතුවක් ලෙස දැක්විය හැක.

සාමාන්‍ය ජනසමාජයේ රඟ දැක්වීම හේතු කොට ගෙන මෙම නැටුම් ලාක්ෂණිකව නිර්මාණශීලීත්වය අතින් සමාජීය දියුණුව හා එහි වෙනස් වීම් මත රඳා පවතී. ස්වහැකියාවන් ශිල්පීය, තුළින් හුවා දැක්වීම හා මෙම නැටුම් සම්ප්‍රදාය ඊ‍ට සම්බන්ධිත පරිසරයේ සිදුවන වෙනස් වීම්වලට අනුරූපීව වෙනස් වේ. රංගන ශිල්පියාගේ අවශ්‍යතා අබිලාෂයන් හා පෞරුෂත්වය මතද මෙම නැටුම් කලාවේ වෙනස්වීම් නිරීක්ෂණය කල හැක.

සාම්ප්‍රදායික නැටුම් කලාවෙන් කළ සෘජු අනුරූපණයන්ගේ මෙම අප්‍රිකානු ඇමෙරිකානු නැටුම් සෑදි ඇති බවට සදහන් වේ. ප්‍රාග් ඓතිහාසික නැටුම් කලාවන්හි පියවර සමග නූතන අප්‍රිකානු ඇමෙරිකානු නැටුම් කලාවේ ඇති සැබැඳියාව මෙයට සාක්ෂි දරයි.

මෙය “ග්‍රාම්‍ය නැටුම්” යන වචනයේ සාහිත්‍යමය / භාෂිමය රටාව හා තාක්ෂණික බව සාම්ප්‍රදායික නැටුම් ශිල්පියන් විසින් විවේචනාත්මකව හුවා දැක්වුවද, මෙම පදය පොත් පත්වලද අධ්‍යයනයන්හි ද ජාත්‍යයන්තර මට්ටමෙන් භාවිතා වේ. මෙම අප්‍රිකානු ඇමෙරිකානු නැටුම් භාවිතා වන රංගායතන සැලකිය යුතු සංඛ්‍යාවක් දක්නට ලැබෙන අතර ඒවායින් ඇල්වින් එයිලි ඇමෙරිකානු රඟහල සහ හාලම් රඟහල ප්‍රධාන තැනක් ගනී.