අන්තර්-උදම් කලාපය (පෙරවෙරළ සහ මුහුදුවෙරළ ලෙසින්ද හැඳින්වෙන හා සමහරවිට සමුද්‍රාශ්‍රිත කලාපය ලෙසින්ද හැඳින්වෙන) යනු බාදියෙහිදී ජල මට්ටමට ඉහළින් සහ වඩදියෙහිදී ජල මට්ටමට පහළින් (වෙනත් වචනයෙන් පවසතොත් උදම් ඉම අතරතුර ප්‍රදේශයයි) පිහිටන කොටසයි. පසැඟිල්ලන්, ඉකිරියන්, සහ සමහර වර්ග වල කොරල් වැනි බොහෝ වර්ග වල සතුන් අඩංගු විවිධ වර්ගයේ වාසස්ථාන මෙම ප්‍රදේශයේ තිබිය හැක. මෙම ප්‍රදේශය බෑවුම් සහිත ශිලාමය ප්‍රපාත, වැලි සහිත වෙරළවල්, හෝ තෙත්බිම් (නිද., මහත් මඩතලා) සහිත විය හැක. මෙම ප්‍රදේශය පටු උදම් පරාසයක් සහිත ශාන්තිකර දූපත්හී මෙන් පටු තීරුවක් හෝ නොගැඹුරු වෙරළ බෑවුම් මත උස් උදම් ඇතිවීම නිසා බොහෝ මීටර ගණනකට විහිදෙන වෙරළ ඉම සහිත කොටසක් හෝ විය හැක.

වෙරළෙහි සිට මීටර 200ක් පමණ දුරට විහිදෙන අන්තර්-උදම් කලාපය දත්වමින් බාදිය අතරතුර බැන්කාවෝ වෙරළ දිස්වන අයුරු
"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්-උදම්_කලාපය&oldid=190222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි