අධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් ගැටුම් විසදීමේ යාන්ත්‍රනයකි. විනිශ්චයකාරවරුන්, මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහයන් සඳහාද මෙම යෙඳුම භාවිතා කෙරේ. බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව අධිකරණයක් යනු නීතිය විවරණය කරන රාජ්‍යයේ, ශාඛාවයි. එම නිසා ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීති මෙසේ විවරණය කෙරේ.

tiny globe
අධිකරණ සංකේතය


  • පොඳු නීතිය බලපාන අධිකරණ ක්ෂේත්‍රවල අධිකරණ නීති පූර්ව නිගමන න්‍යාය වශයෙන් ගෙන නඩු තීන්දු මගින් නිති සකස්කිරීමට අධිකරණයට හැකිය.
  • සවිල් නීතිය බලපාන අධිකරණ ක්ෂේත්‍රවල අධිකරණ නීති විවරණය කලත් නීති සකස් කරන්නේ නැත.
  • සමාජවාදී නීතිය තුළ නීති විවරණය කිරීමේ බලය ව්‍යවස්ථාදායකය සතුය.

ඉන්දියාව, ඇමෙරිකාව ,ප්‍රංශය සහ චීනය සැසදීමෙන් මෙම වෙනස වටහා ගත හැකිය.

  • ඉන්දියාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තෙක් අවසාන තීරණය අධිකරණය සතුවිය. එහෙත් 1970 ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඉන්දීය ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය කිරීමට පාර්ලමේන්තුවට නොහැකිබවය
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ඉන්පසුව ඇතිකල රෙගුලාසිවල අවසාන විවරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. ප්‍රංශයේ පරිපාලන නීති විවරණ බලය කොන්සල් ඩී “ එටාට් අධිකරණයට ද සිවිල් හා අපරාධ නීති විවරණ බලය ” කෝට් ඔෆ් කැස්සේෆන් මතද ලබාදී ඇත.
  • චීනයේ නීති විවරණ බලය ජාතික ජනතා කොංග්‍රසය සතුය.
  • ආජන්ටිනාව වැනි වෙනත් රටවල පහළ අධිකරණ,අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ සහිත මිශ්‍ර පද්ධතියක් ඇත. මේවාට ශ්‍රේෂ්ඨාධිකරණ අවසාන බලය සැපයේ.

බයසන්තයමේ ජස්ටීනයන් අධිරාජ්‍යයේ විසින් නීතියේ ස්ථාවර භාවය ඇති කිරීම සඳහා සිවිල් නීතිය ග්‍රන්ථයක් කොට නඩු තීන්දු පුළුස්සා දැමූ බව පැවසේ. 19 වන සියවසේ ප්‍රංශය තුළද මෙවැනි අදහසක් පැවතිණි. නීතිය නිවැරදිව ලියා තිබෙන බැවින් විවරණයක් අවශ්‍ය නැති බවත් ,විවරණය අවශ්‍ය වුවහොත් නීති රචකයන්ගෙන් දැනගත හැකි බවත් විශ්වාස කෙරිනි.

මෙම විශ්වාසය දැරූ නැපෝලියන් ද පවසා සිටියේ නීති විවරණ කාර්යය ඡන්දයෙන් පත්නොවූ විනිශ්චයකරුවන්හට නොව ඡන්දයෙන් පත් වූ ව්‍යවස්ථාදායකය සතුවිය යුතු බවය.එහෙත් ප්‍රංශ විප්ලවයට පෙර අදහස වූයේ රදළ පැලැන්තියේ අවශ්‍යතා ඉටුකරන පත්නොවූ පාර්ලිමේන්තුව හරහා නීති ප්‍රතිසංස්කරණය සහ රාජකීය තීන්දු ක්‍රියාවට නැන්වීමට බොහෝ කල්ගත වන බවය.

එහෙත් මෙම අදහස ප්‍රායෝගික නොවීය. ප්‍රංශය ඇතුළු නැපෝලියන් යටත් කර ගත් අනෙකුත් රටවල්වලද සිවිල් නීතිය බලපාන සියළු රටවලද විනිශ්චයකාරවරු වැදගත් කාර්යභාරයක් ඉටු කරීමට පටන්ගත්හ. වර්තමාන සිවිල් නීති බල ප්‍රදේශවල පොදු නීති බල ප්‍රදේශ තරමටම විනශ්චයකාරවරු නීති විවරණය කරති. කෙසේවෙතත් න්‍යායිකව සිවිල් නීති බල ප්‍රදේශවල එම බලය සීමා සහිතව

න්‍යායිකව ප්‍රංශයේ විනිශ්චයකාරවරු නීතිය සකස්නොකරන අතර ව්‍යවස්ථාදායකයේ අභිලාෂය විවරණය කිරීම පමණක් සිදුකරයි. නීති විවරණ කාර්යය සිවිල් නීති බල ප්‍රදේශවල වඩා සාම්ප්‍රධායික අරුතකින් සැළකේ. නීතිය කසියම් කරුණක් සම්බන්ධයෙන් බල නොපාන විට විනිශ්චයකරුවන් නොව නීති විශාරදයන් නීති ප්‍රතිසංස්කරණ අවශ්‍යයතා පෙන්වා දෙයි. සමාජවාදී නීතිය තුළ සිවිල් නීතිය භාවිතයට ගැනෙන මුත් සමාජවාදය තුළින් ගොඩනැගුණු අදහසක්ද යොදාගැනේ. එනම් නීති විවරණය දේශපාලන කාර්යයක් වන අතර ඒවා සමාජවාදයේ අරමුණු සඳහා යොදා ගත යුතු බැවින් දේශපාලන නොවන ආයතනයක් නීති විවරණය නොකල යුතු බවය


ආශ්‍රිත ලිපි සංස්කරණය



"https://si.wikipedia.org/w/index.php?title=අධිකරණය&oldid=487622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි