අගයයක් ( Value) යනු ගණනය කළ හැකි දෙයකි. යම්කිසි සංඛ්‍යාවකින්, + හෝ - ලකුණකින් එසේත් නැත්නම් දශම තිතකින් ඇරඹී, අතරමැද කිසිදු අකුරක් හෝ වෙනත් අදාල නොවන කිසිම සළකුණක් නොමැති, සම්මත අගයයක් නිරූපණය කළ හැකි සේ දක්වා ඇති දෙයක් අගයයක් ලෙස හැඳින්විය හැකිය.

පහත දැක්වෙන්නේ අගයයන් සඳහා උදාහරණ කිහිපයකි. 12, -5.2, 0, 1.25, -19, + 200

දත්ත ගොනු සඳහා වන මෘදුකාංගයක දී නම් අගයයක් සඳහා වෙනම Field Type එකක් ඇත. එ නමුත් පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවලදී බොහෝ විට පිළිගත හැකි සංඛ්‍යාවක් අගයයක් ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=අගය_(ගණිතය)&oldid=397294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි